ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකයන්ගේ කේන්දර විමසුම.

ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකයන්ගේ කේන්දර විමසුම.

වීසා නැකතේ 4 පාදයයි. ගුරු මහ දශාව වර්ෂ 0 මාස 6 යි දින 26 ක් උපන් ඉදිරියට ශේෂ විය. බණ්ඩාරනායක මැතිතුමාගේ ජන්ම ලග්නය ශනි හිම කුම්භ ලග්නයයි.

එහි ග‍්‍රහචාරය මෙසේ විස්තර කළ හැක.

හතරවැන්න ප්ලූටෝ, පස්වැන්න කේතු, නැප්චූන්, හයවැන්න කුජ, නමවැන්න ගුරු, දහවැන්න සඳු, සිකුරු, ශනි හා යුරේනස්, එකොලොස් වැන්න රවි, බුධ හා රාහුයි.

රවි පුවසල නැකතේ 4 වන පාදය, සඳු වීසා නැකතේ හතරවැනි පාදය කුජ පුෂ නැකතේ 3 වන පාදය, බුධ මූල පලමු පාදය, ගුරු සා නැකතේ 3 වන පාදය, සිකුරු අනුර නැකතේ 4 වන පාදය, ශනි දෙට නැකතේ 3වන පාදය, රාහු පුවසල නැගකතේ 1වන පාදය, කේතු අද නැකතේ 3වන පාදය, යුරේනස් අනුර නැකතේ 4 වන පාදය, නැප්චූන් මුව සිරස නැකතේ 3වන පාදය ලෙස  ග‍්‍රහයින්ගේ නැකැත් ගමන් මෙලෙස වේ.

ශනි හිමි කුම්භ ලග්නයට සුබ ග‍්‍රහයෝ වන්නේ කුජ, බුධ හා චන්ද්‍රයි. අශුභ ග‍්‍රහයින් ලෙස හඳුන්වන්නේ ශනි, රවි හා සිකුරුයි. මෙහිදී ලග්නාධිපති කුම්භයට අශුභ ග‍්‍රහයෙක් ලෙස ජ්‍යොතිෂ්‍යයේ සඳහන් වේ. කුම්භ ලග්න හිමියන්ට යෝගකාර ග‍්‍රහයින් න්නේ ගුරු හා කුජයි. ශනි මාරක ග‍්‍රහයෙකු ලෙස සඳහන් වේ. සමහරවිට 12 වැන්න අධිපතියා නිසා වෙන්නට ඇත. ශනි පාපී ග‍්‍රහයෙනක් ලෙසත් හඳුන්වනනේ මේ නිසාය. නමවැන්නාධිපති සිකුරු බාධක ග‍්‍රහයා වේ.
ඉරිදා දනක ඉපදීම නිසා උත්පාත නම අටවිසි යෝගවලින් එකකින් උපත ලබා ඇත. රාජ්‍ය කාරක රවිගේ දිනයක උපත ලැබූවත් උත්පාත යෝගයෙන් උපත ලැබීම අයුෂ හීන කරන ග‍්‍රහ බලයකි.
උපතේ දී රවි ග‍්‍රහයා කුම්භ ලග්නයට අශුභ ග‍්‍රහයෙක් වන සිකුරුගේ පුවසල නැකතේ ගමන් අරඹා ඇත. මෙහි හත අධිපති රව ග‍්‍රහයා මෙම කේන්දරයේ ගුරු හිමි ධනු රාශි ගතවීමෙන් චතුර කථිකත්වයක් මෙතුමාට උපතින්ම හිම වය. මෙතුමා එ් නිසාම ‘ආසියාවේ රිදී සීණුව’ නමින් විරුදාවලිය ලැබූවේය. කථානේ ජනතාව වශීකර මැතිවරණයෙන් ජය අත්වී මෙරට අගමැති විය. (එද අගමැති පාර්ලිමේන්තු ප‍්‍රධානියා විය. එකල අද මෙන් ජනාධිපතිලා සිටියේ නැත.*
බන්ඩාරනායක මැතිතුමා නිතරම දප්පත් ජනතාව උදෙසා කටයුතු කළේය. අදටත් ජනතාව මෙතුමාගේ වියෝව නිසා දුක්වේ. දහවැන්න ගත ශනි සතුරුව යෙදී ඇත. වෘශ්චිකයේ දසවැන්න ගත සඳු නීච වේ. සිකුරු සම තත්වයෙන් යෙදුනත් අශුභ ග‍්‍රහයෙකි. දහවැන්න අධිපති කුජ කටකයේ නීචවීමත් අහිත කර වේ. මෙය එතුමාට දිගුකලක් අඛණ්ඩව පාලන බලයේ සිටීමට නොහැකි වීමකි.
තවද මෙම කේන්දරයෙහි පරිවර්ථන ග‍්‍රහයෝගයක් ඇත. එය එතරම් ප‍්‍රභල යෝගයක් වය. නීච භංග රාජයෝගයක් ද හයවැන්නේ දහවැන්නත් මුල් කරගෙන යෙදී ඇත. මෙය අගමැති තනතුර මෙතුමාට හිම කරන ග‍්‍රහ බලයක් විය.
මෙහි ගුරු ග‍්‍රහයා නවවැන්න ගතව පිහිටා ඇත්තේ සතුරුවයි. ගුරුගේ යෝගකාරක බලයේන අගමැති තනතුර ලැබූවත් එහි දිගුකලක් රැඳී සිටීමට මෙතුමාට නොහැකි විය. ගුරු නවාංශක කේන්දරයෙහි අටවැන්න ගත විය. එය හදිසි මාරක පෙන්වයි.
මෙතුමාගේ පාලන කාලය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල, ලංකා ගමනාගමන මණ්ඩලය, වරාය හා නාවික අංශය ද මෙතුමා ජනසතු කළ ව්‍යාපාර වේ.
මෙතුමාට මධ්‍යම ප‍්‍රමාණයේ ශරීයක්, ප‍්‍රියජනක මුහුණක් හිමිවිය. සිනහව කාගෙත් සිත් ඇදගන්නා සුළුවිය. මුහුණ හතරැස් ස්වභාවයක් ගත් අතර නළල පළල්ය. උදික ලෙස පළල් නළලකින් පිළිඹිබුවන්නේ හොඳ බුද්ධියක් හිමි, භාෂා කීපක් දන උගත් කෙනෙකු ලෙසයි. නාසය මහත්ව පිහිටා ඇත. දෙසවන් මනාව පිහිටා ඇත. දෙනයන පියකරුය.
ලග්න කේන්දරයෙහි ගුරු යෝග කාරකයා වී රාහුගේ නැකත උපතේ යෙදී ඇත. අටවැන්න අධිපති බුධ උපතේ කේතුට අයත් මූල නැකතේ පිහිටීය. එයත් ආයුෂ හීනකරන පිහිටීමකි. බුධ රාහු සමඟ සංයෝගයත් ආයුෂ හීන කරන පිහිටීමකි.
මෙතුමා 1919 වසරේ රව සමඟ සිටි බුධගේ මහ දශාවේදී එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යාපනය ලැබීය. ඔහු එම විදුහලේ දක්ෂ කැපී පෙනෙන සිසුවකු විය. පසුව එම විදුහලේ ලේකම ධූරයට පත්විය. එය ක‍්‍රි.ව. 1922 දීය. ක‍්‍රි. ව. 1925 පෙබරවාරි 24 වැනිදා උසස් ලෙස අධ්‍යාපනය හදාරා මොහු තම මව්රටට පැමිණියේය. පවුලේ ඥතීන් හිතමිතුරන්ගේ මෙන්ම මහජනතාවගේ හිත් දිනාගත් චරිතයක් විය. 1947 පැවති මැතිවරණයෙන් ජයගත්තේ ය.
ක‍්‍රි. ව. 1959.05.25 ලැබූ සිකුරු දශාවේ බුධ අතුරු දශාව ලැබූවා වූ දිනක මෙතුමා වෙඩතබා ඝාතනය කරන ලදී. ඇස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමා වියෝ වූවද එතුමා පෘථුල දේශපාලඥයෙක් ලෙස සලකා ලංකා දේශපාලන ඉතිහාසයේ නොමැකෙන නාමයක් විය.

කුම්භ
මීන
නවාංශකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *