ප්‍රඥාවන්තයෝ නොසෙල්වෙති. අණුවනයෝ මෝඩකම් කරමින් දගලති.

ප්‍රඥාවන්තයෝ නොසෙල්වෙති. අණුවනයෝ මෝඩකම් කරමින් දගලති.

විශ්වයේ පවතින ශක්තීන්ගෙන් ගුරු ප්‍රඥාවේ බලයයි. බුධ බුද්ධියේ බලයයි. රාහු මෝඩකමේ අනුවණ කමේ බලයයි. වර්ෂ 2019 ත් 2020ත් රාහු ගමන් කරන්නේ බුධට හිමි මිථුන රාශියේය. මිථුනයේ රාහුට මිත්‍රයි. එය පොඩි පුතාගේ ගෙදරයි. කුඩා දරුවෙකුගේ ගෙදරකට, මෝඩ තකතීරුවෙක් පැමිණිය හොත් සිදුවන්නේ කුමක්ද?

තම අනුවණ කම ප්‍රසිද්ධ කරයි. මෝඩ කතා කියයි. කිරීමට බැරි දේවල් හුවා දක්වයි. දේශ පාලකයෙක් නම් දේශපාලන රැවටිලි වලට හසුවේ. මෝඩකම ප්‍රසිද්ධ කරයි. ක්‍රමයෙන් මහජනයා අතර අප්‍රසාදයට ලක්වේ. ප්‍රසිද්ධියේ තම ප්‍රතිවාදීන්ට අපහාස කරයි. නින්දා කරයි. මිනිසුන්ට කිසිදා අමතක නොවන අණුවන කතා කියයි. මේ වෙලාව තමන්ට පෙනෙන්නේ තමන් හරි යැයි කියාය. හරි දේ වැටහෙන කොට පෙරහැර ගොස් හමාරය.
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ජනරැලි වේදිකාවක කියූ අවසාන කතාවක් මතක් කරමි.
“ මාව මැරුවත් කමක් නැහැ. මගේ චරිතය ඝාතනය කරන්න එපා”
අද එම කීමට අනුව අද අය කටයුතු කරනවද? අනුන්ගේ චරිත ඝාතනය කරමින් ලබා ගන්නා මහජන ප්‍රසාදයක් නැත.
මහජන ප්‍රසාදය ලබා ගැනීමට තම හැකියාව රටට පෙන්විය යුතුයි. එය දේශපාලකයෙකුට පමණ නොව තම තමාගේ දක්‍ෂතා අනුව ඕනෑම කෙනෙකුට වන ධර්මතාවයකි.

බුදු පියාණන් වහන්සේට ද නින්දා අපහාස ලැබුණි. ඒ චිංචි මාණවිකාවගෙන් සහ සුන්දරී පරිබ්‍රාජිකාවගෙන්ය. බුදුන් වහන්සේට නින්දා අපහාස කිරීමේ වරදට තිර්ථකයන් සහ ඒ අය රාජ දඬුවම් ලැබුවද, බුදුරජාණන් වහන්සේට නින්දා ලැබුනේ පාරමිතා පුරන සමය තුළ සසරේදී පසේ බුදුවරයෙකුට නින්දා කිරීම නිසා ය. බුදු පියාණන් වහන්සේට ද, කර්ම විපාක ඵල දීම එසේ නම්, අප ගැන කවර කතා ද? රටේ නායකත්වයට සුදුසු බලවතා කිසිවෙකුට නින්දා නොකරන්නේ ය.
“චරන්ති බාලා දුන්මේදා
අමිත්තේ නේව අත්තනා”

මෙම බුදු වදනට අනුව මෝඩයා අනුවනයා, තම තමාටම අමිත්‍රයෙක් කර ගනියි.

  1. හොරකම් කරන්නේ තමා ය. ඉන් පසු හිරේ වැටෙන්නේ තමාම ය.

  2. මත් කුඩු විකුණන්නේ තමා ය. ඉන් පසු හිරේ වැටෙන්නේ තමාම ය.

  3. කුළියට මිනි මරන්නේ තමා ය. ඉන් පසු හිරේ වැටෙන්නේ තමාම ය.

  4. වස විස කන්නේ තමා ය. ඉන් පසු රෝහල් ගත වන්නේ තමාම ය.

  5. අනුන්ට නින්දා අපහාස කරන්නේ තමා ය. ඉන් පසු සතර අපායේ බල්ලන් වී ඉපදෙන්නේ තමාම ය.

  6. බුදු වදන වෙනස් කළ නොහැක. මේවා ග්‍රහයින් නොකරති. ග්‍රහයා කරන්නේ අප ග්‍රහණය කරගත් දෙයයි. ග්‍රහ-ණය යනු අල්ලාගෙන ණය වු දෙයයි.

  7. තමා අනුන් හට නින්දා කළේ නම් ග්‍රහණය කලේ එය නම් අල්ලා ගත්තේ එය නම් තමාටම නින්දා විදීමට සිදුවේ.

 

ග්‍රහයා කරන්නේ අප ග්‍රහණය කළ දෙයයි. ඒ නිසා ග්‍රහයාට කිරීමට දෙයක් නැත. අනුවනයා තමාම ය. තම පක්‍ෂය නිසාවත්, දේශපාලනය නිසාවත්, තම මතය නිසාවත්, අනුන් කියන නිසාවත්, අනුන් ප්‍රමෝදයට පත් කිරීම නිසාවත්, තමන් කරන දෙයට විපාක විදවන්නේ අනුන් නොව තමාම ය.

වියතුන්ගේ වියත් මඟ යන්නෝ කිසිවෙකුට නින්දා අපහාස නොකරති. චරිත ඝාතනය නොකරති. තමන් කළ කී හොඳ දේ පමණක්ම කියති. අනුන්ගේ අපහාස තුළ නොසෙල්වෙති. නිවැරදි දර්ශනය තුළ ගමන් කරති. දේශපාලනය කරන දේශපාලකයන් අන්‍යයෝන්‍ය වශයෙන් එකිනෙකාගේ දෝෂ පෙන්වා ගත්ත ද, රටේ නායකත්වයට ඉල්ලන ප්‍රඥාවන්තයෙකු අනුන්ට නින්දා නොකරයි. තමා කළ කී දේ පමණක් කියයි. “අනුන් නොසොයයි, තමන් සොයයි. ” එවැනි එඬිතර ප්‍රඥාවන්ත දූරදර්ශී අනුවන නොවන නායකයෙකුගේ අවශ්‍යතාවය ලක් මාතාවට ඇත්තේය. ඉදිරියට යෙදෙන ග්‍රහ චාරයට අනුව ඒකීය බෞද්ධ සිංහල රාජ්‍යයක් තුළ අනන්‍ය ජාතිකයන් සමඟ සමගිව කටයුතු කළ හැකි නායකයෙකු පත්වෙයි.

ෂර්යා නීති, තේසවලාමේ නීති පසෙකලා එක නිීතියක්, එක ධජයක්, විනය ගරුක රටක් බිහි කිරීමට හැකි දුෂිත දේශපාලඥයන්ගෙන් තොර විනය ගරුක ඇමති මණ්ඩලයක් හදා ගන්නට හැකි, බල ඇති යුග පුරුෂයෙකු ගුරු-ශනි යෝගය පවතින මෙකල ඉදිරියේදි පහළ විය යුතුය. එයට පටහැනිව යන ඕනෑම අයෙකුට වැඩිකල් බලය තුළ රැදීමට නොහැකි වන්නේය. 2020 දී විශ්ව බලය එයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *