කවුද මේ අපේ කේන්දරේ ඉන්න අපට බාධා කරණ බාධක ග්‍රහයා කියන්නේ ?

කවුද මේ අපේ කේන්දරේ ඉන්න අපට බාධා කරණ බාධක ග්‍රහයා කියන්නේ ?

බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙන දෙන ග්‍රහයා ලෙස තමයි ජ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වාදී තිබෙන්නේ. තමන්ගේ  කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳි භාව පල, ස්ථාන පල මෙන්ම ග්‍රහ පල විනාශ කිරීම  තමයි බාධක ග්‍රහයා ගේ කාර්යය වෙන්නේ. සෑම කෙනෙකුටම ලග්නයක් තිබෙනවා. ලග්නයේ පෘථිවිය මැදි  කොටගෙන කොටු 12 ක් තුල නව ග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන් 12 දෙනෙකු සිටිනවා. මේ ග්‍රහයන් කෙනෙකු උත්පත්තිය ලබන අවස්ථාවේ හැටියට හඳහනේ කොටු කීපයක් තුල විසරි සිටිනවා. ඉතින් මේ ප්‍රධාන නව ග්‍රහයන් අතරින් රාහු  කේතු හැර අන් ග්‍රහයන් 7 දෙනාගෙන් එ ක් ග්‍රහයෙකු ඕනෑම කෙනෙකුගේ ජන්ම පත්‍රයේ ලග්නයට අනුව බාධක ග්‍රහයා  වීමේ හැකියාව තිබෙනවා.  ඕනෑම ලග්නයකට බාධක ග්‍රහයෙක් සිටින අතර ලග්න 12 ටම බාධක ග්‍රහයන් 12 දෙනෙකු සිටිනවා.

අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 12 දෙනෙකු සිටියත් ග්‍රහ බලපෑම මත අප විසින් ජ්‍යොතිෂයේදී මූලිකවම අවධානය යොමුකරන්නේ නව ග්‍රහයන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, හා රාහු, කේතු යන ග්‍රහයන් ගැන පමණයි. මේ අතරින් රාහු හා කේතු කියන්නේ ජ්‍යොතිෂයේදී පමණක් අප යොදා ගන්නා ග්‍රහයන්  නොව ඡයා ග්‍රහයින් නිසාත් ප්ලේටෝ, නෙප්චූන්, හා යුරේනස් යන ග්‍රහ ත්‍රිත්වය පෘථිවියට ඉතා  ඈතින් පිහිටා ඇති  නිසා අපට එල්ල වන බලපෑම අඩු නිසාත්  ම ඉහත සඳහන් කල බලපෑමක් සහිත රවි, සඳු  ඇතුළු ග්‍රහයන් 7 දෙනා මෙම කාරණාවේදී යොදා ගනු ලබනවා.

එය ජ්‍යොතිෂ සිද්ධාන්තයක් ලග්න අනුව බාධක ග්‍රහයන්,

  • පලමු හා දෙවන ලග්නයන් වන මේෂ හා වෘෂභ යන ලග්න 2 කට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා බාධක  ග්‍රහයා වෙනවා.

  • මිථුන හා කන්‍යා යන ලග්න 2 කට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බාධක ග්‍රහයාය.

  • සිංහ හා මකර යන ලග්න රාශි 2 කට කුජ හෙවත් අඟහරු ග්‍රහයාද ධනු හා මීන යන ලග්න රාශි 2 කට බුධ ග්‍රහයා බාධක ග්‍රහයා ද වෙනවා.

  • කටක ලග්නයට සිකුරු ග්‍රහයාත්, තුලා ලග්නයට රවි ග්‍රහයාත්, වෘශ්චික ලග්නයට චන්ද්‍රයා හෙවත් සඳුත්, කුම්භ ලග්නයට ශූක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාත්,

බාධක ග්‍රහයන් වෙනවා.
එම ග්‍රහයන්ගේ මහ දශා කාලය හෝ අතුරු දශා කාලය තුල ඔහුට හෝ ඇයට අපල තත්වයන් මෙන්ම බාධා හා විවිධ කාර්ය්‍යන්ගේ ප්‍රමාදයන් ඇතිවිය හැකියි. එසේම ආසන්නව ම ගෙවනු ලබන වි දශා කාලය තුල ද ක්‍රියාත්මක වෙනවා.
බාධක ග්‍රහයා ගුරු හෝ සිකුරු වැනි සුබයෙක් වුවත් ඔහුගෙන් ඇතිවන්නේ බාධාවක්. ඒ වගේම පාපී ග්‍රහයෙකු වීම ද සුබදායක නැහැ. කේන්දරේ එම අදාල ග්‍රහයාගේ තත්වය මත මෙහි ප්‍රතිඵල වෙනස්වීමට ඉඩ තිබෙනවා. සුබ ග්‍රහයෙකු වුවත් පාප දුෂ්ටි වලින් පීඩීත නම් එම තත්වය සුබ දායක වන්නේ නැහැ. එම කාරණය තව දුරටත් ටිකක් පැහැදිලි කලොත් අපි උදාහරණයක් ලෙස හිතමු යම් කෙනෙකුගේ ජන්ම පත්‍රය හෙවත් හඳහනේ මම ඉහත සඳහන් කල බාධක ග්‍රහයා විවාහ ස්ථානය වන ලග්නයෙන් 7 වැන්නේ තැන්පත් වී සිටිනවා කියා. එවිට අනිවාර්යෙන්ම එම ජන්මියාගේ විවාහයට එම තත්වය බලපානු ලබනවා. මේ තුල බොහෝ විට විවාහයට විවිධ බාධක හා ප්‍රමාදයන් එල්ල වීමේ ප්‍රවනතාවයක් තිබෙනවා. එසේ ම මෙම බාධක ග්‍රහයාගේ බලපෑම එල්ල වෙන්නේ විවාහයට පමණක් නොවන අතර බාධක ග්‍රහයා අපේ කේන්දරේ තැන්පත්ව සිටින ස්ථානය හෙවත් භාවය අනුව එම භාවයට අදාල කාරණය සම්භන්ධයෙන් බාධා කරදර හා අපල උදාවීමේ හැකියාව තිබෙනවා. මෙම බාධක ග්‍රහයා රැකියා ස්ථානය වන 10 වැන්නේ පිහිටා සිටිය විට රැකියා අංශ වලින් බාධා කරදර ඇතිවිය හැකියි. නැතිනම් 4 වැන්නේ නම් ගෙවල් දොරවල් යාන වාහන ගැන වන්න පුළුවන්. ඒ වගේම 5 වැන්නේ නම් දරුඵල හෝ අධ්‍යාපනය ගැනවන්න පුළුවන්. එසේත් නැත්නම් අපි හිතමු 2 වැන්නේ 11 වැන්නේ කියා, එවිට ආදායම සම්බන්ධයෙන් බාධා කරදර ඇතිවිය හැකියි. ඒ ආකාරයට මෙම බාධක ග්‍රහයා පිහිටා සිටින භාවය අනුව ප්‍රතිපල වෙනස් වෙන්න පුළුවන්.
එසේම කේන්දරේ අනෙකුත් ග්‍රහ ශක්තීන් මත බාධක ග්‍රහයාගේ බලපෑම වෙනස්වී මේ හැකියාව ද තිබෙනවා. එය අවබෝධ කර ගත හැක්කේ නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුවයි. බාධක ග්‍රහයා බාධක  රාශිය හෙවත් බාධක ස්ථානායේම සිටින විට අප එම ග්‍රහයා ජ්‍යොතිෂයේදී මහා බාධක ග්‍රහයා ලෙස හඳුන්වනු ලබනවා. පලමු ලග්න හය වන මේෂ ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 10 හා 11 වන භාවයන් වල අධිපතිත්වය ලබනවා. වෘෂභ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සෙනසුරු  බාධක  ග්‍රහයා වන අතර 9 හා 10 වන භාවයන් වල අධිපතිත්වය ලබනවා.
මිථුන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු හෙවත් බ්‍රහස්පති බාධක ග්‍රහයා වන අතර 2 හා 10 වන භාවයන් වල අධිපතිත්වය ලබනවා. කටක ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වන භාවයන් වල අධිපතිත්වය ලබනවා. සිංහ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී කුජ හෙවත් අඟහරු  බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වන භාවයන් වල අධිපතිත්වය ලබනවා. කත්‍යා ලග්නයට බාධක ස්ථානය 7 වැන්න  වී ගුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වන භාවයන් වල අධිපතිත්වය ලබනවා. තුලා ලග්නයට බාධක ස්ථානය 11  වැන්න වී ශූක්‍ර හෙවත් සිකුරු බාධක ග්‍රහයා වන අතර 1 හා 8 වන භාවයන් වල අධිපතිත්වය ලබනවා. වෘශ්චික ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සඳු හෙවත් චන්ද්‍රයා බාධක ග්‍රහයා වන අතර 9 වන භාවයේ අධිපතිත්වය  ලබනවා. ධනු ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 7 හා 10 වන භාවයන් වල අධිපතිත්වය ලබනවා. මකර ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී කුජ බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වන  භාවයන් වල අධිපතිත්වය ලබනවා. කුම්භ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4  හා 9 වන භාවයන් වල අධිපතිත්වය ලබනවා. මීන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වන භාවයන් වල අධිපතිත්වය ලබනවා.
ඕනෑම චර රාශියක 11 වැන්නත්  ඕනෑම තිර රාශියක 09 වැන්නත්  ඕනෑම උභය රාශියක 7 වැන්නත් බාධක රාශිය ලෙෂ අප ජ්‍යොතිෂයේදී හදුන්වනු ලබනවා. මේ ආකාරයට බාධක ග්‍රහයන් වගේම බාධක රාශියකුත් අපේ කේන්දරයට තිබෙන අතර  ඕනෑම ලග්නය කට බාධක ස්ථානයක් වන බාධක රාශියක් තිබෙනවා. බාධක රාශියත් අපල, කරදර, බාධා හා ප්‍රමාදයන් ගෙන එනු ලබනවා. විශේෂයෙන්ම එම කේන්දරයේ බාධක රාශිය වන ස්ථානයට අදාලව කියවෙන ඵලයන් සඳහා මෙහිදී බාධා වන්වනු ලබනවා. මේෂ කටක තුලා හා මකර යන රාශි හෙවත් ලග්න චර රාශි ලෙෂ හඳුන්වනු ලබනවා. වෘෂභ සිංහ වෘශ්චික කුම්භ යන රාශි තිර රාශි ලෙස හැදින්වෙනවා. ඉතිරි ලග්න රාශි 4 වන මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශි උභය රාශි ලෙෂ හැදින්වෙනවා
මෙම බාධක ග්‍රහයාගෙන් උදාවන අපල තත්වයන් ග්‍රහ ශාන්ති කර්ම මගින් සමනය කර ගත හැකි අතර ඒ   සඳහා  උගත් ජ්‍යොතිෂවේදියෙකු මගින් නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුව අදාල ග්‍රහ ශාන්ති කර්ම  ඉටුකිරීම තුලින් එම අපල තත්වයන් සමනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. අදාල බාධක ග්‍රහයා හා රාශිය හදුනා ගැනීමෙන් පසු ඒ සඳහා එම නිෂ්චිත ග්‍රහයාට අදාලව අපල දුරුවීම සඳහා බෝධි පූජාමය පින්කම්, අටවිසි බෝධිපූජා, දේවපූජා, සෙත්කවි ගායනා, මැණික් පැළදීම්, යන්ත්‍ර දැමීම් වැනි කාරනා ඉටු කල හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *