හඳහනේ ලියවී තිබු ඇහැලේපොළ කුමාරිහාමිගේ රුදුරු ඉරණම

හඳහනේ ලියවී තිබු ඇහැලේපොළ කුමාරිහාමිගේ රුදුරු ඉරණම

ඇහැලේපොළ කුමාරිහාමි ජනිත වුයේ ශත වර්ෂ 1701 ක් වු බුද්ධ වර්ෂ 2323 ක් වු දුරුතු මස අටපසළොස්වක ලත් බුධ දිනහෙවත් ක්‍.ග.ග 1780 ක් වු පෙබරවාරි 03 වැනි බ්‍රහස්පතින්දා පුර්වභාග 05.15 ට පමණය.

 මුල නැකැතේ දෙවැනි පාදයෙන් ජනිතව කේතු ග්‍රහයාට දශා අපහැරණය වර්ෂ 3යි මාස 10 ක් පමණ උපන් ඉදිරියට විය.

ධනු ලග්නයට කුජල රවි හා ගුරු සුබ ග්‍රහයෝ වෙතිග පාප ග්‍රහයන් සඳු සිකුරු වන අතර මාරක ග්‍රහයා සිකුරු වේ.ග බාධක ග්‍රහයා බුධ වන අතර බාධකස්ථානය හත්වැන්න වේ. මෙහි ධනු ලග්නයට පාපී සඳු ග්‍රහයා :අව සඳු බලහීනව ලග්නයෙහි යෙදී ඇති බව පෙනේ. සඳු ලග්නගත වීම නිසාම ඇය රුවැති තැනැත්තියකිග ප්‍රියකරු මුහුණ හා මහා රූප සම්පත්තිය දුටුවන්ගේ නෙත් සිත් ඇඳි යන තරම් විය. රුව මෙන්ම ඇගේ ගතිගුණ ද යහපත් විය. තම ආත්මගරුත්වය රැකගෙන ජිවත්විය. ඛිසිවිට වරදේ බැඳුණේ නැති ඈ තම සැමියාට ඉතා විශ්වසනීයව කටයුතු කළාය.

රවී ග්‍රහයා බුධ සමඟ දෙවැන්නේ මකර රාශිගතව පිහිටියග රවි සතුරු ස්ථාන ගතවිය. ත්‍මයම රාජ උදහසට ලක්වන ග්‍රහ පිහිටීමකි. සතුරුව යෙදුණු රවි ග්‍රහයා අටවැන්නට පුර්ණ දෘෂ්ටි හෙළා රාජ උදහසකින් ජිවිතයෙහි අවසන් ගමන් යෑමට සැලැස්විය.

 ධනු ලග්න ඇයට සඳු පාපී ග්‍රහයෙකිග ඇහැලේපොළ කුමාරිහාමි තම ස්වාමියා වු ඇහැලේපොළ නිලමේතුමාගේ ක්‍රියාපටිපාටිය පිළිබඳව නම් එතරම් කැමැත්තකින් පසුවුයේ නැතග ඇය ඇහැලේපොළ නිලමේගේ කටයුතු හේතුවෙන් තම පවුලේ උදවියට අනතුරු සිදුවන බව නුවණින් දකින්නට ඇත. පාප සඳු ලග්නගතව හත්වැන්නට පුර්ණ දෘෂ්ටි හෙළීම හා රවිගේ පිහිටීම අනුවද විවාහය සාර්ථක නොවන ග්‍රහ යෙදුම් වී තිබේ. ධරුවන් තිදෙනකුගේ මවක් වීමට භාග්‍යය ලැබුණත් දරුවන්ට අපල ගෙනදෙන යෝගයක් ද මෙහි පිහිටයි. 

දරුවන් ගැන කියන ගුරු තුලා රාශිගතව සතුරුවීම දරුවන්ට අකල් මරණයන් ළඟා කරවන ග්‍රහ පිහිටීමකි. සිකුරු ග්‍රහයාද ධනු ලග්න අයට පාප ග්‍රහයෙකි. මෙය ඇහැලේපොළ කුමාරිහාමිගේ විවාහ ජිවිතයටත් බලපෑම් එල්ලකර ඇත. එය ඇයට තම ස්වාමියා හා දරුවන් සමඟ ජිවත්වීමේ වාසනාව හිමි කරන ලදී. ඇහැලේපොළ නිලමේතුමාගේ තිබු අඳුරදර්ශි ක්‍රියාපටිපාටිය නිසාම තම දරුවන්ට සහ බිරියට ජිවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. ඇහැලේපොළ නිලමේතුමා ද ධනු ලග්නයෙන් ජනිත වුවෙකි. 

මෙම හඳහනේ රාහු හය වැන්නේ යෙදී අටවැන්නට එක්පාද දෘෂ්ටියක් හෙළා ඇත. ඔසේම කුජගේ අර්ධ දෘෂ්ටියක් ද අටවැන්නට යෙදී ඇතග ඇගේ පිරිමි දරුවන්ගේ හිස ගසා මරණය සිදුකිරිමට රාජ අණ ලැබුණු අතර අලුත උපන් සිඟිති දියණියගේ මරණය ඇහැලේපොළ කුමාරිහාමි ලවාම වංගෙඩියේ දමා කොටා මරණ ලෙස අණ ලැබිණි. මෙය කිසිම කාන්තාවක් සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවන දුක්ඛිත සිද්ධි දාමයක් වියග අවසානයේ ඇයවද බෝගම්බර වැවේ ගිල්ලා මරණ ලෙස අණ කෙරිණිග උැගේ මරණය ඒ අනුව සිදුවුයේ ක්‍රි.ව. 1814 ක් වු මැයි මස 17 වැනිදායග එවිට ඇගේ වයස අවුරුදු 34යි මාස 3 යි දින 14 කිග මෙම අවස්ථාවේ ලග්න හා චන්ද්‍ර ඒරාෂ්ටක දෙකම එකවර ලබා තිබිණිග ධනු ලග්නයට සඳු පාප ග්‍රහයෙක් බව ඉහත ද සඳහන් කළෙමිග එම නිසා ජලයේ ගිලී මරණය ඇයට උරුමවීමට සෙනසුරු ඒරාෂ්ටකයද බලපෑවේයග පාපී සඳු ජලය හා සම්බන්ධ කරමින් මරණය වෙද්දී ඇගේ එම මරණය උපතේ දී සතුරුව සිටි සෙනසුරු ග්‍රහයාද ගෝචරයෙන් ඒරාෂ්ටක අපල ඇයට උදාකරමින් දෙවැන්නේ ගමනක යෙදී ඇති බවත් පෙනේග ඇහැලේපොළ කුමාරිහාමි උපත ලැබුවෙත් ලග්න චන්ද්‍ර ඒරාෂ්ටකයක් පවතින කාලයකදීය. ඇය බෝගම්බර වැවේගිල්ලා මරණයට පත්කරන විටද සෙනසුරු අපල පැවතිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *