සෙනසුරු හා ජනාධිපතිවරු

 

සෙනසුරු හා ජනාධිපතිවරු

ඔබ ලිපියේ මාතෘකාව දුටු සැනෙන් විවිධ අර්ථ කථනයන් දෙන්නට ඉක්මන් නොවන්න. මක් නිසාදයත් ලිපිය කියවාගෙන යාමේදී සෙනසුරු සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු අතර ඇති බැඳීම මෙන්ම අනාගත ජනාධිපතිවරයා ගැනද ඔබටම සිතාගන්නට පුඵවනි.

ශ්‍රී ලංකාවේ අතීත පාලකයින් ගැන අප දන්නේ ඉතිහාසය මගින් අපට පවසන දේ හෝ පුරාවිද්‍යා සාධක මගින් ලැබෙන තොරතුරු පදනම් කරගෙනය. ඒවා සියයට සියයක් සත්‍ය හෝ අසත්‍ය යැයි අපට තීරණය කළ නොහැක. ඒත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් පිළිබඳව තොරතුරු උපන් දිනයේ සිටම අපට සොයාගන්නට හැකියාව පවති. ඒ නිසා 1948 න් පසු ලංකාවේ රාජ්‍ය නායකයින් පිළිබඳව සහ ඔවුන්ගේ බොහෝ තොරතුරු ඉතිහාස පොත්වල ලියානැනත් ජනතාවට ලබාගත හැකිය. ඒ නිසා මේ ලිපියෙන් ඔබට නොසිතුනු එක් කරුණක් පෙන්වා දී අනාගත ශ්‍රී ලංකා ජනපතිවරයා කවුරුන්ද යන්න සිතාගන්නට උපකාරි වේවි.

1948 න් පසු ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ යැයි අපි අසා ඇත්තෙමු. ඒ නිදහස මොන ආකාරයේ නිදහසක් ද? යන්න එදා මෙදාතුර ජිවත්වු ඔබත් මාත් දනිමු. නිදහස ගැන කථා කිරීම නවතා එදා නිදහස ලැබු මොහොතේ අපගේ ශ්‍රී ලංකාවේ පැවති ලංකා කේන්දරය ගැන මදක් සිතමු. ඒ දිනයේ ඒ මොහොතේ ලංකා කේන්ද්‍රය වුයේ කුම්භ ලග්නයයි. කුම්භ ලග්නයේ ලග්නාධිපති වන්නේ සෙනසුරු ග්‍රහයයි. සෙනසුරු ග්‍රහයා වසර දෙකහමරක් එක් රාශියක සිටින සෙමෙන්ම ගමන් කරන ග්‍රහයාය. සඳු හෙවත් චන්ද්‍රයා දින තිහකින් (මාසයකින්) සම්පුර්ණ කරන ගමන සෙනසුරු ග්‍රහයාට අවුරුදු තිහකින් (30) සම්පුර්ණ කිරීමට සිදුවේ. ඒ ගමන් රටාවයි. එසේම ජ්‍යොතිෂය නිවැරදිව දන්නා අය සෙනසුරු මහදසාවෙන් සහ සෙනසුරු ඒරාෂ්ඨක අපලයන් ගැන නිවැරදි අවබෝධයක් ඇතිව පලාඵල කථනය කරන්න. “ටිකක්” දන්න අය සෙනසුරු ඒරාෂ්ඨකය මාරක අපල ගෙන දෙන “මාරක” ග්‍රහයෙක් ලෙස විග්‍රහ කරන්නට පෙළඹේ. කෙසේ වුවත් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට අවශ්‍ය නම් දඬුවම් දෙන්නටත් ඉහළම තිළිණ ප්‍රදානය කරන්නට හැකියාව ඇත. සෙනසුරු ග්‍රහයා පිළිබඳ හින්දු දේව කථා අනුව ඔහුගේ සිත්ගත් ඇත්තන්ට ඉහළ තනතුරු පමණක් නොව වටිනා මුදල් (ධනය) ලබාදීමක් සිදු කෙරේ. එසේම සෙනසුරු ඒරාෂ්ඨක අපල කාලය ඇති අවස්ථාවල “කුමන” හෝ දඬුවමක් නොදී ඉන්නේ ද නැත. ඒ නිසා සෙනසුරු ගැන හොඳින්ම අවබෝධ කරගෙන සිටිම වැදගත්ය.

දැන් සෙනසුරු සහ ශ්‍රී ලංකාවේ වර්තමාන පාලකයින් අතර ඇති සම්බන්ධය කුමන ආකාරයේ එකක්දැයි සොයා බලමු.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය, ආර්.ප්‍රේමදාස ජනපති, මහින්ද රාජපක්‍ෂ ජනපති, මෛත්‍රිපාල සිරිසේන යන සිය`ඵ දෙනාම ජනාධිපති පදවියට පත්වුයේ සෙනසුරු ඒරාෂ්ඨක අපල කාල තුලදීය. ඊලග ජනාධිපතිවරයාද සෙනසුරු ඒරාශ්ඨක අපලයන් ඇති පුද්ගලයෙකි. ඔහු කවුද? ඔහුටද දැනට සෙනසුරු ඒරාෂ්ඨක අපලයක් පවති.

මා මුලින්ම පැවසුවාක් මෙන් ඒරාෂ්ඨක අපල කාල තුලදී බොහෝ දේ ලැබෙන්නටත් කුමන හෝ අනතුරක් වීමටත් ඉඩ ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති තනතුරේ සිටියදි ඛඔඔෑ බෝම්බයට අසුව ඇගේ ඇසකට හානිවිය. ආර්.ප්‍රේමදාස මැතිතුමාටද ඛඔඔෑ බෝම්බයකට ගොදුරුවී ජීවිතයෙන් සමුගෙන ගියේය. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජනාධිපති පදවිය දැරූ කාලයේ ඛඔඔෑ  තර්ජනයට ලක්ව මානසික පීඩා විඳි අතර තවත් කාලයක් පදවියේ රැදි සිටින්නට අවස්ථාව තිබියදී ජනාධිපති තනතුර අහිමි කරගෙන මු`ඵ ලෝකයෙන්ම “හොරා” යන අපවාදයට ලක්ව මානසික පීඩා වලට ලැබු බව නොරහසකි. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද තමාගේම සියතින් ගෙල සිඳගෙන බලය පවරා දී අසරණ වුවා පමණක් නොව ජනාධිපතිවරයෙකු වුවත් කඩු කොපුව පමණක් අත ඇති අසරණයෙකු තත්ත්වයට පත්ව ඇත.

ඉදිරි ජනාධිපති ලෙස යොදා ගත් ගෝඨාභය පසුගිය කාලයේ හෘදයා ආබාධයකට ලක්ව දැඩි සේ රෝගාතුරව ශල්‍යකර්මයට භාජනය වූ බව නොරහසකි. එතුමා ගත කරන සෙනසුරු ඒරාෂ්ඨක අපල කාලය 2020 ජනවාරි වනවිට අවසන් වේ. ඒ නිසා ඊට පෙර ඔහුට තදබල රෝගයකට ලක්වීමට සිදුවුවත් “රජකම” උරුමය ඇති නිසා ජනාධිපති පදවියද උරුමය ඇත. ජනවාරි මාසයට පෙර ජනාධිපතිවරණය පැවැත් වීමෙනි.

එතුමාගේම ග්‍රහචාරය අනුවය. එතුමාගේ ජයග්‍රහණය රටේ විජයග්‍රහණය වේ. එසේම ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ජන්ම පත්‍රයට අනුව ලග්නාධිපති සිටින්නේ හත්වන රාශියේයි. ලග්නාධිපති හදුන්වන රාශියේ සිටීම යනු දියුණුව හෝ පදවිය උපරිමයටම ලගාවීම අනිවාර්යයි. හමුදා නිලධාරියෙක්, ආරක්‍ෂක ලේකම් තනතුරට පත්විය. ඒ ආරක්‍ෂක ලේකම්තුමා ආරක්‍ෂක අමාත්‍යාවරයා වීම යනු දියුණුවේ උපරීමයට යාමය. ආරක්‍ෂක අමාත්‍යවරයා යනු ජනාධිපතිවරයා මිස අනෙකෙක් නොවේ.

එසේම බුද සහ කුජ සංයෝගය එතුමාට පවති. ඉන් නිසැකයෙන්ම ඉතාම කාර්යශූර මැෂිමක් මෙන් ක්‍රියා කළ හැකි පුද්ගලයෙකු බවයි. එතුමා පසුගිය කාලයේ ඒ බව සනාථ කර ඇත. එසේනම් කාර්යශුර ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති වීම ස්ථිරයි. කැපයි.

ඒත් එතුමාට එක් දෙයක් සිහිගැන්වීමට යුතුයි. ඔබතුමාට ලැබෙන්නේ සෙනසුරු ඒරාෂ්ඨක උදාවන රටකි. 2020 සිට කුම්භ රාශිය ශනි ඒරාෂ්ඨකය උදාවේ. ඒ නිසා ඉදිරි කාලය ලංකාවේ ජනාධිපතිවරයාට ජාතිවාදි කලබල, ලේ සෙලවීම, හදිසි අනතුරු ඇතිවිය හැකි විපත් කාලයකි. ඊට මුහුණ දෙන්නට ඔබට ශක්තිය වාසනාව මෙන්ම දීර්ඝායුෂද ලැබේවායි දෙව්සඳ අපේ පැතුමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *