රටට කොඩිවිනයක් වු ප්‍රබල වාස්තුදෝෂ සහිත පාර්ලිමේන්තු සංකීර්ණය වෙනස් කළ යුතුය. නව පාර්ලිමේන්තුවක් රටේ ස්ථාපිත කළ යුතුය. කොහේද? කොතැනකදීද?

 

1982 – 04 – 29 දින ජයවර්ධනපුර පාර්ලිමේන්තුව විවෘත විය. ජපාන රජයෙන් ලැබුණු ආධාර යටතේ මෙය නිර්මාණය වී ඇත. පරණ පාර්ලිමේන්තුව ඩී.එස්. සේනානායක ප්‍රථම අගමැති යටතේ 1947 දී ඇතිවිය. ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව තුලට රටේ පාලනය නතුවීමත් සමග රටේ පැන නැගුන ප්‍රශ්ණ දිහා විමසිලිමත් විය යුතුය.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සමය තුලම යුද්ධය දියත් විය. එතුමාට රට ඉදිරියට ගෙනයාමට අසීරු විය. පාර්ලිමේන්තුව තුලද බෝම්බ පිපුරුණි.

දෙවනවර ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමාට ද එසේම විය. දකුණේ භීෂණය ඇතිවිය. බෝමබයෙන් ජීවිතයට සමු දුන්නේය.

තෙවනවර ජනාධිපතිනිය චන්‍ද්‍රිකා මැතිණියට තම ඇහැක් ද අහිමි කරගෙන බෝම්බයට මුහුණ දුන්නේය.

ඊළඟට පත් වු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධය නිමා කලමුත් එතුමාට තවත් වසර 2 ක් ඉදිරියට යාමට තිබිය දී ම පාලනයෙන් ඉවත්වීමට සිදුවිය. ලගට සිටි අය සතුරුකම් කළේය.

ඉන්පසු පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද රට ගෙනයාමට නොහැකි විය. පාර්ලිමේන්තුව තුල නොයෙක් මතභේද හට ගත්තේය. රටේ නැවත බෝම්බ බිය ඇතිවිය. රට අස්ථාවර විය.

 

“පාර්ලිමේන්තුව තුල දූෂිත දේශපාලකයන් ඇතිවිය. බොරුව, වංචාව රජ විය. කුඩා ළමයෙකුටවත් පාර්ලිමේන්තුව තුල බැලිය නොහැකි තත්වයේ කුණුහරුප කියා ගන්නා දේශපලකයන් පහල විය. පක්‍ෂ, විපක්‍ෂ දෙපිරිස අතර අරගල විය. ගුටිබැට හුවමාරු විය. ගෝරනාඩු හැරුණු කොට ශාන්ත බව පසුපස දොරෙන් පලා ගියේය. මහජනතාවට පාර්ලිමේන්තුව ගැන අන්තයට කලකිරුනේය.”

මා දකින්නේ මෙය පත් වු ජනාධිපතිවරුන්ගේ වරදක් නොවේ. පත්වූ මැති ඇමති වරුන්ගේද වරදක් ද නොවේ.

පාර්ලිමේන්තු සංකීර්ණය පවතින්නේ දැඩි භූමි වාස්තු දෝෂ සහිත ස්ථානයක වීම නිසාය.

ලංකාවෙ දූපතකි. දූපත් රටක් පාලනය වන්නේ තවත් දූපතක් මැද සිටය. මෙය ප්‍රබල වාස්තු දෝෂ ඇති කරවන්නකි. කිසිදිනක මෙම පාර්ලිමේන්තුව තුල සහයෝගයෙන් වැඩ කළ නොහැක. ඇතිවන්නේ මතභේද පමණි.රටක් පාලනය වන්නේ තවත් දූපතක් මැද සිටය. මෙය ප්‍රබල වාස්තු දෝෂ ඇති කරවන්නකි. කිසිදිනක මෙම පාර්ලිමේන්තුව තුල සහයෝගයෙන් වැඩ කළ නොහැක. ඇතිවන්නේ මතභේද පමණි.
“මෙය අප රටට ලැබුණු කොඩි විනයකි.” වහල දෝෂ සහිතය. පෙනුම සහ ඉදිකළ ස්ථානය අධික දෝෂ සහිත වන අතර විවෘත කළ දිනය ඉතා දෝෂ සහිත වේ. මේවා සම්බන්ධව යම් පාලකයන් මා දැනුවත් කළද ඒවාට ප්‍රතිකර්ම නොලැබුණි.”

වස්තු සම්බන්ධයෙන් වසර 25 කට ආසන්න කාලයක මා සතුව අත්දැකීම් ඇත. ශ්‍රී ලංකාව තුල නිවාස 1000 වඩා පරීක්‍ෂා කොට ඇත. මිනිසුන්ගේ ජන ජීවිතයට ප්‍රබල වෙනසක් ඇති කිරීමට වාස්තු දෝෂ බල පවත්වයි.

නිවසක ඇති දෝෂ ගෙහිමියාට සහ එහි නිවැසියන්ට නොයෙක් පීඩා බාධක ඇතිකරයි. සමහරු අකාලයේ මිය යති. ලෙඩ වෙති. දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙති.

එසේම රටක පාර්ලිමේන්තුව දෝෂ සහිත නම් එහි පාලකයන්ගේ මනස විකල්ප වනු ඇත. මහජනතාවට නොයෙක් හිරිහැර වනු ඇත. රටේ ස්වෛරීත්වය නැති වී යනු ඇත. විදේශ බලපෑම් වලට තවත් නතු වනු ඇත.

 

ඉදිරියට පත්වන නායකයන් ද මෙම පාර්ලිමේන්තුව තුල ඒකාරාශිව පාලනයට ගියහොත් කලින් අයට සිදු වු දේම සිදුවන්නේය. තීරණ ක්‍රියාත්මක කිරීම අසීරු වන්නේය. විදේශිය බලපෑම්වලින් ගැලවීමට නොහැකි වන්නේය. නොයෙක් මත ගැටුම් ඇතිවන්නේය.

පවතින පාර්ලිමේන්තු සංකීර්ණය බෞද්ධ සිද්ධස්ථානයක් කර මහජනතාවට වැදුම් පිදුම් කිරීමට සැලසිය යුතුය. සිය`ඵ පව් සෝදා හැරිය යුතුය.

නව පාර්ලිමේන්තු සංකීර්ණයක් හැදිය යුතු තැනක් රටේ ඇත්තේය. එය සිංහල ගෙබිම් ශාස්ත්‍රයට අනුව නියමිත තැන රටේ පාද බෙදා නියමිත ස්ථානයේ ස්ථාපිත කළ යුතුය. අවශ්‍ය වුවහොත් එම උපදෙස් ලබා දිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *