ස්ත්‍රී පා ඇඟිල්ලේ ලක්‍ෂණ

ස්ත්‍රී පා ඇඟිල්ලේ ලක්‍ෂණ

ස්ත්‍රීන්ගේ ශරීරයේ හැම අංග ලක්ෂණයක්ම කලාත්මකව හා ලස්සනට පිහිටීම, අංගවලට අනුව පිහිටීම විවිධාකාරව ඇත. පාද ලක්ෂණ හා ඇඟිලි පිහිටීම් පුරාණ සෘෂිවරුවන් විසින් ලියා ඇතිපලාඵල කෙසේ දැයි අපි බලමු.

ස්ත්‍රීන්ගේ පාදයේ ඇඟිලි නියමාකාරයට පිහිටිය යුතුයි. එසේ නැතිනම් ඒ අනුව පලාඵල වෙන් වෙන්ව සඳහන්ව ඇත. ශූභ මෙන්ම අශූභ පලාඵල ද, ඒ ඒ අනුව ඇත. ස්ත්‍රීයකගේ පාදයේ මැඳ නැමී උඩට නෙරා පිහිටිය හොත් මෙහි දී පය බිම තැබීමේදී දෙපැත්තෙන් කුහරයක් සේ ඇරී පවතී ද, ඇය මු ̈ ජීවිත කාලය තුලම දුක්විඳී මුදල් නොමැතිවීමෙන් මහත් වේදනාවට පත්වී ජීවිතය ගෙනයයි.

ස්ත්‍රීයකගේ ඇඟිලිවලින් සාමාන්‍ය තත්ත්වයට නැතිව මැදගිල්ල හෝ අනු ඇඟිල්ල කොටවූවොත්, සුලඟිල්ල හා සමානව වේ නම් එය ශූභදායක නැත. ඇය කොතරම් හොඳ විවාහයක් කල ද තම ස්වාමියාගෙන් සැප සම්පත් නොලබන්නීය. පාදයේ ඇඟිලි පහේම හෝ කිහිපයක මතුපිට ලොම් ඇත්නම් ඇය දාසියක් සේ වැඩ කරමින් ජීවත් වන්නීය. මේ අයගේ කාමාශාව අඩුය. පිරිමින් සමඟ උැසුරට අකමැතිය. මේ නිසාම ඇයගේ විවාහය පිළිබඳ හොඳ ප්‍රතිඵල නොලැබේ. සැමියා අතහැර යයි. පාදයේ නියපොතු උත්තල හැඩයෙන් පිහිටා සිනිඳුව රෝස පැහැයෙන් යුත්තනම්, එම ස්ත්‍රීය වාසනාවන්ත තැනැත්තියකි. ඒ වගේම පිටිපතුල මසින් පරිපූර්ණව, සිනිඳුව දිස්නයක් දෙමින් පවතී නම් ඇය බොහෝ පිං ඇත්තියකි. සෑම දෙයක්ම ලැබේ. උතුම් විවාහයක් කර ගනියි. ස්ත්‍රීන්ගේ පය මැද අධික ලෙස නහර මතු වී ඇත්නම් ඇය නිතරම ඇවිදීමේ යෙදෙන කෙනෙකි. එහෙත් කම්මැලි සමහර විටක කරන කියන කටයුතු කිසිම පිලිවෙලක් නැති විවාහයේ දී සැමියාට අකීකරු, තමන්ට උවමනා අයුරින් වැඩ කරන තැනැත්තියකි. යම් තැනැත්තියකගේ පාද පැහැපත් බවෙන් තොරව අඳුරුවර්ණ සහිතව අක්‍රමවත්ව ඇඟිලි විසිරුණු ස්වභාවයෙන් පිහිටා තිබේ ද, නිය ද අඳුරුව පිහිටා ඇත්තත් නම් ද මේ ස්ත්‍රීහු අවාසනාවන්තියන්ය. ජීවත් වීමට බොහෝ දුක්විඳි. ගෙවල් ගානේ යමින් වැඩ කරමින් ජීවත් වෙයි. බොහෝ කම්කරු ස්ත්‍රීන්ගේ මේ ආකාරයට ඇඟිලි හා පාද පිහිටා ඇත. යම් ස්ත්‍රියක් ගමන් කරන විටදී දූවිලි නැගේ නම් හා මෙය පිටතට පෙනෙන ආකාරයට විසි වී යයි නම් එය අශූභ ලකුණකි. මේ අයගේ ගති පැවතුම් ඉතාම දරුණු හා භයානකව පවතී. පිරිමින් ඇසුරට ඉතාම ප්‍රියයි. විවාහ වුවත් සොර සැමියන්ගේ ඇසුර පතයි. කීප දෙනෙකු හා සම්බන්ධකම් සැමියාට හොරා ඇති කරගනියි. මෙවැනි අශෝභන චර්්‍යාවන් ඇයගේ ජීවිතය විනාශ කිරීමට පවා හේතු විය හැක. සමහර ස්ත්‍රීන්ගේ පයේ ඇඟිලි එකක් මත එකක් නැගී සිටින ආකාරයෙන් පිහිටියේ නම් ඇයගේ විවාහය ද සාර්ථක නොවේ. සැමියා අතහැර හෝ ඔහුට රහසින් හෝ මනාපෙන් සොර සැමියත් සමඟ සතුටු වෙයි. ස්ත්‍රීයක් ගමන් කරන විට යම්කිසි ලාලිත්‍යයක් ඇත.  එය බලා සිටින අය බොහෝ විට වශී කරවන සු ̈වේ. එහෙත් සමහර ස්ත්‍රීන් ගමන් කරන විට පාදයේ ඇලකරමින්, ඇලයට තබමින් හෝ පය බිම අද්දමින් ගමන් කරන්නේ නම් ඇයගේ පියා ද මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙකි. එසේම සල්ලාලයෙකි. කිසිම දෙයක් දෙමාපියන්ගෙන් නොලැබේ. ඉගෙනීම් කටයුතු පවා කරකියා ගැනීමට අවස්ථාවක් නොලැබේ. මේ නිසාම ඇයගේ තරුණ වියේ දීම අනාචාරයේ හැසිරේ. මේ අය පෙම්වතුන් ඇසුරු කලත් ඔවුන් හා විවාහ නොවේ. ඔවුන්ද මැයව අතහැර යයි. ඇය ඇගේ කන්‍යාභාවය ද විනාශ කර ගනි. බොරු කීමට ඉතා දක්ෂයි. මෙවැනි තැනැත්තියන් දරුවන් පිලිසිඳ ගැනීමේ දී එය හොර රහසේ විනාශ කර ගනී. මේ නිසා මොවුන් ජීවිත කාලය පුරාම දිලිදුභාවයටම පත්ව දුක්විදියි. සමහර ස්තීන්ගේ සුලඟිල්ල බිම වැදෙනනේ නැතිව පිහිටා ඇත. මේ අය සැමියාට යටත් නැති අතර ආදරය හිතේ නැත්තියකි. මේ අය තම සැමියා සිටියදීම සොර සැමියන්ගේ ඇසුර ලබයි. ලැජ්ජා භය නැත්තියකි. ඇය පිරිමින් මාරු කරන්නේ කිසිම ගානක් නැතිවයි. මේ අයගේ පවුල් ජීවිතය ඉතාම කෙටි කාලයකින්ම කෙලවර වේ. සමාජයෙන් ද ගැරහුම් ලබමින් ජීවිතයේ අවසානය ඉතා දුකින් හුදකලාව, රෝගිව ගතකිරීමට මෙවැනි තැනැත්තියන්ට සිදුවේ. යම් ස්ත්‍රීයකගේ දෙකෙණ්ඩෙහි පිටුපසින් අක්‍රමවත්ව උඩට නැඟුන මස්පිඩු දෙකකින් ද ඉතා බහුලව රෝප කූප ඇතිවීම ද නහරවල් මතු වී උඩට නෙරා වැටී පිහිටීම ද අවසානාවන්ත ලක්ෂණයකි. මේ අයද බොහෝ දුක් විඳින කොටසකි. මු ̈ ජීවිත කාලයම දුකෙන් ගත කරයි. විවාහ වුවත් සැමියාට පවා සැලකීමට සිදුවේ. ඔහු ද ඇයගෙන් ජීවත් වෙයි.

 යම් ස්ත්‍රියකගේ ඇඟිලි ක්‍රමවත්ව නොපිහිටා මහපට ඇඟිල්ල ලඟම පිහිටි ඇගිල්ල (දබ ඇඟිල්ල) මහපට ඇඟිල්ලට වඩා දික්ව පිහිටයි. එවැනි තැනැත්තියන් තම සැමියාටවත් යටත් නැත. ඇයගේ අණසක අනුව ජීවත් වූවොත් එකට විසීමට හැකිවේ. මේ අය කේන්දර ගලපා විවාහ වීම කල යුතුම වේ. නැතහොත් දෙදෙනාටම පවුල් ජීවිතය නිීරස වී ජීවිත විනාශකර ගැනීමට පවා පෙලබිය හැකිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *