මතක ශක්තිය වර්ධනයට ගණ දෙවි වන්දනා

මතක ශක්තිය වර්ධනයට ගණ දෙවි වන්දනාව

වර්තමානය තුල තරඟකාරි තත්වයකට පත්ව ඇති අධ්‍යාපනය ජය ගැනීම අසීරු කාර්යක් බවට පත් වී ඇත. ඉදිරි අගෝස්තුවේ දී පැවැත්වෙන අ. පො.ස .උසස් පෙළ විභාගයත්ල ශිෂ්‍යත්ව විභාගයත් ඉන් අනතුරුව උඳුවප් මාසයේ පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයත් සඳහා වෙහෙස මහන්සි වන දු දරුවන්ට ආධ්‍යාත්මික රැකුලක් වශයෙන් ගණ දෙවියන් වන්දනාමාන කර මතක ශක්තිය වර්ධනය කරගැනීමට හැකි පිළිවෙතත් දැක්වීමට සිතුවේ එහෙයිනි.

භුද්ධියට අධිපති වු ගණදෙවියන් වෙනුවෙන් පහනක් දැල්වීමට දැනට දු දරුවන් යොමු වී සිටින බව නොරහසකි. නමුත් උදැසන තුල දරුවන්ගේ ද නිවසේ අනෙක් තැනැත්තන්ගේ ද කාර්ය බහුලත්වය හේතුවෙන් ගණ දෙවියන්ට පහන දැල්වීමට පමනක් යොමුවීම මත ගැටළු රැසකට මුහුණ දෙනු ඇතග පහනක් ඕනෑම දෙවි කෙනෙකු උදෙසා දැල්වීමේ දී එය එම දෙවියන්ගේ නාමයට කැප කලයුතුයග එමෙන්ම ගණ දෙවියන්ට පහන දැල්වීමෙන් පසුව එම පහන් ආලෝකය ගණ දෙවිදුට පුජා වේවාත්‍ව ප්‍රාර්ථනා කලයුතුවේග ඔවිට අපි අපේක්‍ෂා කරන යහපත් වු ප්‍රතිඵල අපට ලැබෙනු ඇත.

විශේෂයෙන් මතක ශක්තිය දුර්වල දු දරුවන්ටත්ල කුජල රාහුල ශනිල කේතු යන මහ දශාවන්දල අතුරු දශාවන්ද ගත කරන දුදරුවන්ටත්, රවිල චන්ද්‍ර හා සෙනසුරු ඒරාෂ්ඨක ගතකරන දුදරුවන්ටත් එක ලෙස අධ්‍යාපනයට පිහිට විය හැකි ගණදෙවි වන්දනාවක් අද ඉදිරිපත් කරමි.

ගණ දෙවියන්ට පහන් දල්වාල මල් පුජා කරල සුවඳ හඳුන්කුරක් දල්වා මෙලෙස නමස්කාර කරන්නග මුලින්ම ආරම්භ කරන කෙනෙකු වේ නම් ඇඳුරු සහය පතන්නේ ගණදෙවි නමස්කාරය.

ඕං ඒක දත්තා ඒකන මඃ ඕං දම්බෝදරායේ නමඃ

ඕං විකදායී නමඃ  ඕං විග්නරාජායෙ නමඃ

ඕං බාලචන්ද්‍රායෙ නමඃ ඕං චක්‍රකුණ්ඩායේ නමඃ

ඕං ස්කන්ධ රූපායෙ නමඃ  ඕං සිද්ධි ගණපතියෙ නමඃ

ඕං සර්ව පරමේෂ්වරායෙ නමඃ ඕං විග්නේෂ්වර ස්වාමියෙ නමඃ

ගණදෙවි ස්ත්‍රෝත්‍රය

ඕං නමෝ ශිවාය – ගෞරි ප්‍රිය පුතං ගණේෂ්වරණං  ශුද්ධ සිද්ධි ඉෂ්ඨ විශිෂ්ඨ

අමෘත නයනාමෘත  පෙක්‍ෂෙ ප්‍රවිෂ්ඨත්තු විමාන සංහාරතො

මලිත මලිත දිෂ්ඨි දිෂ්ඨි නමෝ නමඃ

 

ඉහත දැක් වු ආකාරයට ගණ දෙවිදුන්ට නමස්කාර කරන්නග ඔවිට ඔබගේ අධ්‍යාපනික ගැටළු විසදී පැතුම් ඉටුවනු ඇතග ගැටළුවක් වේ නම් විමසන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *