විවාහ පොරොන්දම ඔබගේ විවාහයට බලපාන ආකාරය

විවාහ පොරොන්දම ඔබගේ විවාහයට බලපාන ආකාරය 

 කටක ලග්නයෙන්, ජානිතව හත්වැන්නේ පාපයෙක් යෙදේ නම්,විවාහය සඳහා කේන්දර ගැලපුනත් අශූභ වේ. දුගී දුප්පත් වේ. සිංහ ලග්නයෙන් ජනිතව හත්වැන්නේ ශනි රාහු යෙදීම විවාහයට අශූභයි. කන්‍යා ලග්නයෙන් ජනිතව ගුරු හත්වැන්නේ ශනි, රාහු හත්වැන්න යෙදීම ද විවාහයට අයහපත් වේ.

තුලා ලග්නයෙන්, ජනිතව හත්වැන්නේ රාහු, කුජ යෙදීම විවාහයට ඉතා අහිතකර වේ. වෘශ්චික ලග්නයෙන් ජනතිව හත ශනි යෙදීම විවාහයට බාධා පමුණුවමින් යුග දිවිය අවුල් කරයි. ධනු ලග්නයෙන් උපන් අයගේ හත්වැන්නේ කුජ යෙදීම යහපත් වන්නේ නැත. අයහපත් වේ. මකර ලග්නයෙන් ජනිතව හත හා අට පාපීන් යෙදීම විවාහයක් වුවත් අවුරුද්දක් දෙකක් ගතවන විට ලේලියට දරුවන් නැති විදියක් කියා නැන්දාම්මා පවසමින්, රණ්ඩුවෙමින් ගෙදර එවයි.

කුම්භ ලග්නයෙන්, උපන අයගේ අටවැන්නේ ශනි යෙදීම විවාහට අයහපත් වේ. මීන ලග්නයෙන් ඉපිද හත්වැන්නේ හෝ අටවැන්නේ හතපති යෙදීම ඉතා අහිතකරයි. විවාහයේදී පුරුෂයා මියයයි. සහකාරිය පසුව අනාචාරයෙහි හැසිරේ. ගැහැණු ළමයින්ව ගණිකා වෘත්තියේ යොදවමින් මෙවැන්නියන් මුදල් හරිහම්බ කිරීමට පෙලබෙයි.

මේෂ ලග්නයෙන් , ජනතිව හත්වැන්නේ කුජ සිකුරු යෙදීම නිසාත්, බිරිඳ අධික කාමාශාවෙන් පෙලින්නියක් නිසා සැමියාත් විවාහයත් අතහැර රට පනී. එහිදී ද ගණිකා සේවයේ යෙදේ.

ශනි මෙසේ ශනි සිටි තැනින් අටවැන්නේ (වෘශ්චිකයේ) කුජ යෙදීම චන්ද්‍ර ලග්න පහේ කුජ, ශනි යෙදේ නම් විවාහය අසාර්ථක කරවයි. ශනි මේෂය වන හත්වැන්න යෙදී පාප දෘෂ්ටි වැටීම ද විවාහ දිවිය අසා3⁄4ථක කරවයි. සැමියා දබර කර බිරිඳ හා දරුවන් දමා තනියම පැනයයි.

මේෂ ලග්නයෙන් ශනි අට යෙදීම නිසා ද විවාහය අසාර්ථක වේ. චන්ද්‍රයාගෙන් හතේ කුජ යෙදීම ද විවාහය අසාර්ථක කරවයි. චන්ද්‍රයාගෙන් හතේ හත අධිපති යෙදීම ද විවාහය අසාර්ථක කරවයි. ලග්නයෙන් හත නීච ග්‍රහයෙක් යෙදීම ද විවාහය අසාර්ථක නොකරයි.

මේෂ රාශියේ ශනි යෙදී එතැනින් අටවැන්නේ කුජ, රාහු හෝ කේතු යෙදේ නම් විවාහ වී තුන් දිනෙන් විවාහය අතහැරෙන්නේ මනාලිගේ චරිතය කැලැල් වී ඇති තැනැත්තියක් නිසාවෙනි. බොහෝ විට දරුවෙකු පිලිසිඳ ගතහොත් ඇයට දරුවා සමඟ සැමියාගේ වෙන්ව ගත කිරීමට සිදුවේ.

මේෂ රාශියෙන් අටවැන්න කුජ රාහු යෙදීම නිසා ඇයට, යන එන මං නැති කරවයි. මේ ආකාරයට බැලීමේ දී විවාහය පිළිබඳව සැලකිය යුතු ප්‍රමුඛස්ථානයක් ලබාදී කටයුතු කිරීම වැදගත් වේ. විවාහ පොරොන්දම් බැලීමේ දී ඒවා ගැලපීමේ දී දක්ෂ ප්‍රවීණ ජ්‍යොතිර්වේදින්ගෙන් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *