ධනය – බලය – ආකර්ශණය – ගලා එන මහා මාතාංශේෂ්වරී යන්ත‍්‍රය

ධනය – බලය – ආකර්ශණය – ගලා එන මහා මාතාංශේෂ්වරී යන්ත‍්‍රය

ජාතික, ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික වශයෙන් ද ගුප්ත විද්‍යා, ගුප්ත වෛද්‍ය, ජ්‍යොතිෂය සුවිශේෂි වූ අතිශය වැදගත් ලිපි ලේඛන වශයෙන් ද විචිත‍්‍රමය වූ අසිරිමත් ‘‘දෙව්ස`ද’’ පුවත්පතෙන් මෙවර පාඨක හදවත් කෙරෙහි කරුණු ලබන යන්තර රත්නයෙහි, මල්වරය, විවාහය, යුග දිවිය, වාස්තු විද්‍යාව, අත් බැලීම, බාහිර පුවත්පත් ඉතා අගය කරමින් පුවත්පත් පිටු පුරවන කලාව ඉක්ම වූ කාලීන යුග අවශ්‍යතා කදවත් ඉටු කරන ‘‘දෙව්ස`ද’’ පුවත්පත් අතර සම්භාවනීය වූ පාරාදිව්‍යයකි. මෙවර පාඨකයන්ට ‘‘ආරක්‍ෂා දියුණු සහගත, සව_ජන වශ්‍යාකාරක, මහා මාතාංගේප්වරී යන්ත‍්‍රය පිළිබ`ද සුවිශේෂි හැ`දින්වීමක් ලබා දීමෙහිලා පූර්ණ අනුග‍්‍රහය දෙව්ස`ද වෙතින් ලබාදී ඇත. මාතාංගෙෂවරී’’ නම් වූ යන්ත‍්‍ර ගණනාවකි. ප‍්‍රවීණ ගුප්ත විද්‍යාධාරී උතුමන්ලාගේ හස්තසාර සුවිශේෂි යන්ත‍්‍රය පාඨක අවබෝධය පිණිස මෙසේ තිළිණ කෙරෙනුයේ විස්මිත ගුණාත්මක භාවය සලකා ගෙනයි.
ජ්‍යොතිෂ ගුප්ත විද්‍යානූකූලව මෙම යන්ත‍්‍රය ඇද ගැනීමේ සිට පැළ`ද ගැනීම දක්වා කෙරෙන වත් පිළිවෙත් කෙරෙහි සැලකිල්ල යොමුවිය යුතුවෙයි. රට හෝ රීදි තහඩුවක හෝ රට දියෙහි පස්ලොස් හෝ තඹ තහඩුවක් අගල් 2ං10 රැගෙන යන්ත‍්‍රය ද්විත්ව රේඛාවෙන් නොකැපෙන සේ අදින්න. සුදුහදුන් තෙලින් ක`ඵ මැද ගන්න. යන්ත‍්‍රයක් සෑදීම, පැළ`දවීම දුගීමගි යාචක, අන්‍යයන්ගෙන් දිවිගෙවන මෙන්ම ස්ති‍්‍ර වර්ගයාට ද සුදුසු නොවන බවක් ගුරු අත් පොතෙහි වරින් වර සටහන්ව ඇත. අවිහිංසකව, අවංක බව, පිරිසිදු චරිතය, සත්‍ය යවාදී බව, යහපත් සංකල්පනාවනට තුඩුදුන් ආචාරශිලි ප‍්‍රවීණ අ`දුරුතුමෙකු ලවා ජ්‍යොතිෂ ගුප්ත විද්‍යානුකූලව 1008-10008-100008- වාර ගණනකින් මෙම යන්ත‍්‍රය ජීවම් සිදුකරළීම සීහුම් වෙන්නෙකි. නමට,ලග්නයට, නැකතට ද යන්ත‍්‍රය පළදින්නාගේ ද මුකඛාථිය පිණිස අවධානය යොමුවීම වැදගත් වෙයි. වංභෝ්‍යචාරය – සුදුසු පිරිසිදු ස්ථානය ද පිළිබ`දව ජප ඇදුරුතුමා අවධානය යොමු කළ යුතුය. ඩිජිටල් ඇදුම පැළදුම, බෝඞ් එක, සේන්ට් පාර දාගත් පමණින් ජීවම් බලය ආකර්ශණය නොවෙයි. පොල් කට්ටට, පොල් තෙල් දමා කහකුඩු එකතුකර ඇණයකින් කළවම් කොට ඩිංගිරී ලි`ද ගාවට, වාරුම් වාරුම්, සුරුකාවාවා, ඕඩිවාවා, කියන ගමේ ගොඬේ පිළක් ගානේ කට්ට ඕරාලලාගෙන් මෙබදු විශ්මය ජනක හාස්කම් විස්කම් බලැති යන්තර සම්පාදනය කිසිසේත් නොගැලපෙන්නෙකි. ‘‘එසේම පිරිත් පොතෙන්, බණ පොතෙන්, කොපි කට් ගහපු මහබලගතු බුද්ධ මන්ත‍්‍රය’’ කියලා පරකාශ කරණ ඇත්තන්ට කිව යුත්තක් ද ඇත. දීග යාමට, දීග යේ දරු සම්පත්වලට, කොටහම් නොවනවාට, තරවීමට, විදෙස්ගත වීමට, සත්‍යය වශයෙන් බුදුබණක්, අණක්, පිරිතක්, මන්තරයක් නැත. අනිත්‍යය, දුක්ඛ, අනාත්මය සිහිකරගෙන චිත්ත, චෛතසිකව වර්ධනය කළ යුතු (භාවනා* සංසාරික භව චක‍්‍රය පිළිබ`ද දැමීමට මාර්ගය පමණක් බුදුබණට අඩංගුය. පාඨකයාට නොමග යවන ලක්‍ෂය හමාර ගරානා පාර සෘෂිභාෂිත හෝ බුද්ධ භාෂිත නොවන බැව් බුද්ධිමත් පාඨකයා මනාව දන්නා සුපිරි තත්ත්වයකි.

මන්ත‍්‍ර ශාස්ත‍්‍රය කවරෙකුගේ හෝ දැවැද්දට ලැබුනක් නොවේ. සසරක් (මෙලොව රහක් නැති* මුසාවාද තුළින් පිටු පුරවන පත්තර අතර ‘‘දෙව්ස`ද’’ එවන් දීන හීන කි‍්‍රයාකාරකම්හි නොගැටෙන සු`ඵ සම්භාවනීය අභිමාණවත් ශී‍්‍ර ලංකේය ප‍්‍රධානතම පුවත්පතයි.

යුග දිවිය, කොටහ`ඵව, වාස්තු විද්‍යාව, හස්ත රේඛාව, ආයුර්වේද වට්ටෝරු, ඉපැරණි පුවත්පත් වලින් හෝ වර්තමාන වාණිජමය පොත් තුළින් ගලව ගලවා පළ කිරීමක් දෙව්සදේ සම්ප‍්‍රදාය නොවෙයි. ලෞකික ජීවිතය යථාර්ථයෙන්ම අවබෝධ කොටගෙන ති‍්‍රජොතුක ප‍්‍රතිසංධියක් උපන් මනුෂ්‍යා යහමග තබා ලෝකෝත්්තර සුවසහනයට බුදුන්වහන්සේ දහම් දෙසූ සේක. කඩම`ඵ, පත්තර පුරවන මන්ත‍්‍ර තන්ත‍්‍ර බුදුන් වහන්සේ නොළෙසු සේක, ගිහිගෙවල් වල කටයුතු නොව නිරවාණය පිලිබ`ද උත්තරීතර ලෝකෝත්්තර ගමන් මග මනාව පෙන්වා වදාළ සේක.

‘‘සේවතා තකිමුලං සීකි විෂත‍්‍රත‍්‍රාන්තං
ගොරොචනං කුංකුම වන්‍දනේනි
කපිපුර මිශ‍්‍රං තිලංකංලලාමේ
ති‍්‍රලෝක වෛශ්‍යජ වදනාව තාරාං

ලූණුවිල, විෂ්ණු ක‍්‍රාන්ති, ගෝරෝචන, කුංකුමජ්ජු, සුදුහදුන්, අමුකපුරු, තල තෙලින් අඹරා ගන්න. මහාතානාංගෙෂවරී යන්ත‍්‍රය ජීවම සමග මෙම අදුනද ජීවම්කොට තබා ගන්න. සුභවාදී කටයුතු ස`දහා නළල තිලක දීම යහපත් වෙයි.

පුර්ණාභිමුඛං වෛශ්‍යං, දක්‍ෂිණා මුඛ චොරනං පශ්ච්මේ ධන ලාභ මේ – උත්තරේ ගාන්නිදායකං මාතාංගේජ්වරී සමං යන්ත‍්‍රං, ති‍්‍රලෝකේ සමං යන්ත‍්‍රං තී‍්‍රලෝකේ ස්වර දුර්ලභං.

සර්වජන වශිය – සතුරු දමනය, ධනලාභය සහ ශාන්තිය උදෙසා මෙම යන්ත‍්‍රයට සමාන කළ හැකි වෙනත් කිසිදු යන්ත‍්‍රයක් නොමැති බැව් පුරාවර්තවාර්්‍යවරුන් ස`දහන් කොට ඇත. විවිධතම ගුරුකුලයෙහි ක‍්‍රමවේදයන් තව දුරටත් තිබිය යුතුය හැක. පාඨක දැනුම සහ අවබෝධය පිණිස ඉදිරිපත් කරන්නේ නම් ඉතා ප‍්‍රශස්ත වෙන්නෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *