අර්ධ මාණික්‍ය පාෂාණ වලින් සිදුවන රෝග සුවය

අර්ධ මාණික්‍ය පාෂාණ වලින් සිදුවන රෝග සුවය

වාස්තු ශාස්ත්‍රය නිවැසියකුගේ සෞඛ්‍ය තත්ත්වයට බලපාන බව තහවුරු කෙරෙන අවස්ථා බොහෝදෙනාගේ අවධානයට ලක් වී තිබෙන්නට පුළුවන. ඒ අතරින් ආයුර්වේදයත් වාස්තු ශාස්ත්‍රයත් පිළිබඳව අපේ රටේ එක්තරා විශ්ව විද්‍යාලයක කරන ලද :අපගේ අධීක්‍ෂණය යටතේ  පර්යේෂණයකට අනුව නතාලියා ෆ්ලෝරන්ස් නම් ශිෂ්‍යාවක් :එවකට වාස්තු ශාස්ත්‍රය හා ස්වස්ථතාව” නම් පර්යේෂණ නිබන්ධනයක් සම්පාදනය කළාය. එහි දැක්වෙන බොහෝ කරුණු අනුව සෙම් රෝග ඊසාන – මධ්‍ය දෝෂ විසින් දලපිත් රෝග ඊසාන – ගිනිකොන දෝෂ විසින්දල වාත රෝග වයඹ – නිරිත දෝෂ විසින් ද ඇති කිරීමට බලපානු ඇති බව තහවුරු කරන ලදී.

එසේ වුවත් ලොව බොහෝ සුව කිරීමේ ක්‍රමවේදවල යොදාගනිමින් රෝග සුවකිරීමේ ක්‍රම ශිල්ප අද බහුලව භාවිතයට පැමිණ තිබේ. එසේම පැරණි ආයුර්වේදයේ ද රත්න භෂ්ම හා රත්න කල්ක. ආදී ඔ්‍යෂධ නිර්මාණය කරන ලද්දේ ද පාෂාණයන්ගේ පැවැති මෙකී රෝග සුව කිරීමේ විශේෂ හැකියාව පිළිබඳව ඇති විශ්වාසය පදනම් කරගෙන විය යුතුයි. 

එසේම ජ්‍යොතිෂවේදය වැනි විෂයයන් අනුව බැලුවද පාෂාණ භාවිතයෙන් විශේෂයෙන් මැණික්  විවිධ සුවයන් අපේක්‍ෂා කරන බවද රහසක් නොවේ. එහි දී මැණික් අතරින් රවි ග්‍රහයාට රතුද, සඳු ග්‍රහයාට මුතුද, කුජ ග්‍රහයාට කොරල් පබළුද, බුධ ග්‍රහයාට පච්චද, ගුරු ග්‍රහයාට පුෂ්පරාගද, සිකුරු ග්‍රහයාට දියමන්ති ද,ශනි ග්‍රහයාට කාක නිල් ද , රාහුට ගෝමේදද , කේතුට වෛදර්ය හෙවත් වෛරෝධිද අදාළ වන බව දක්වා තිබේ.

එසේ වුවත් කිරි බිඳක් බිම විසිරුණු අයුරින් මැණික් පලද වු විට එය ලසන පටලය ලෙසද ගල මැදින් ඉරක් යෑමෙන් පැළි ඇති විට එය ත්‍රාසය ලෙසද මැණිකක මුද්‍රිත තුඩක් නොමැති ලෙස වෙන්වු අයුරින් ඇති විට ගින්න ලෙස ද කෙසෙල් බඩය දෙකට කැපුවා සේ දිගින් දිගට නුල් ඇදි අයුරින් ගල පුපුරා යත්ම එය ජර්ජර ලෙසද ගලේ එක් පැත්තක් සුදුවී ගොස් ඇත්තම් එය ප්‍රකෘති පටල ලෙසද නිල් රතු තුඩු එකිනෙක ගැටෙන අයුරින් මැණිකක විකෘතියක් වු විට එය නිල මචලිය ලෙසද වු දෝෂ වළකා මැණික් භාවිතයට ගැනීම පාෂාණ භාවිතයෙහි සම්ප්‍රදාය වී තිබේ. මෙයට අමතරව  කාක පාදය ල දුබග්‍රංශය , පිච්චාසනය , මලිතය  ලෙසද දියමන්ති වැනි මාණික්‍යවල  දෝෂ ඇති බව පෙන්වා දී තිබේ.

මෙවන් පසුබිමක් පැවැති මැණික්වලට නම ගිය අපේ රටේ රෝග ෂුවයට සෘජුවමබලපාන ලෙස තහවුරු කරගත් අර්ධ මාණික්‍ය  පාෂාණ වර්ග භාවිතය හා ඒවායෙන් කළ හැකි විවිධ කටයුතු අපි ඉදිරියේ දී ඔබට ඉදිරිපත් කරන්නෙමු.

පාෂාණ ටික වේලාවක් ජලයේ ගිල්වා තබා ජලය බිමට ගැනීමේ ක්‍රමයක්ද අද බහුලව භාවිත වේ. මෙහි දී පාෂාණ වර්ග තුනක් පමණ උපරිම වශයෙන් එකවර යොදාගනු ලබන අතර වැඩි ගණනාවක් ජලයේ ගිල්වීමෙන් පසු සංකීර්ණ ප්‍රතිඵල උදාවිය හැකි බව විෂය ක්ෂේත්‍රය පිළිබඳ විශාරදයෝ හෙළි කරදී තිබේ. මේ පාෂාණ ප්‍රතිකාරයේ දී තවත් වැදගත් දෙයක් වන්නේ සිරුරේ පැලඳ ගැනීම හෝ නිදන කොට්ටයට ඇතුළත් කර නින්දට යෑම හෝ සිදුකළ හැකි වීමයි. එසේ වුවත් මෙහි පාෂාණවල බලපෑම් භාවිතයත් සමඟ දුර්වල වී යා හැකියි. එබඳු අවස්ථාවලදී පාෂාණ යළි බලගැන්වීම සඳහා ගලන ජලයකින් පාෂාණය සෝදා මඳ හිරු රැස් හෝ සඳ රැස් වැටීමට සැලැස් වීම ප්‍රමාණවත් වේග තද හිරු එළිය මෙකී පුනර්ආරෝපණ කාර්යයට උචිත නොවන බව කිවයුතුයි.

රූපලාවණ්‍ය කටයුතු සඳහා මෙවැනි පාෂාණ භාවිත කිරිම ද අද ජනප්‍රිය වුවකි. මෙහි දී සිදුකරනුයේ තමන් විසින් සිරුරට ආලේපන යෙදීමෙන් අනතුරුව විවිධ පාෂාණ පැතලි ලෙස සකස් කර පෙර කී ආලේපන මත වාර ගණනාවක් අදාළ පාෂාණය ස්පර්ශ කිරීමයි. එහි දී විවිධ පාෂාණ විවිධ අරමුණු සඳහා යොදාගත හැකියි.

  1. සුදු පැහැ .පළිඟු තිරුවාණවලින් මෙය සිදු කළවිට සමේ දීප්තියත්ල සිසිල් බවත්ල ප්‍රබෝධයත් ඇති වේ.

  2. රෝස තිරුවාණවලින්. මෙසේ .හරිත පැහැ ක්ලෝරයිඩ. කුරුලෑ වළකා අසාත්මිකතා දුරු කර තරුණ සමක් ඇති කරයි.

  3. .ඇමසෝනයිට්. පාෂාණයෙන් සම ස්පර්ශ කළ විට රැලි වළකා තරුණ සමක් ඇති ලබාදෙයි.

  4. කහ පැහැති .සිලින්. මැදිවියේ සමකට වුව විස්මිත ප්‍රතිඵල ගෙනදෙමින් සමේ රැලි ඉවත් කරයි.

  5. රොඩොනයිට් මෙසේ භාවිත කිරීමෙන් රුධිර සංසරණය යහපත් කරමින් ලපල කැළැල්ල කුරුලෑ ඉවත් කර දමයි.ත්‍ම්වා ඉක්මවා ගිය විස්මිත ප්‍රතිඵල රැසක්දල මෙකී පාෂාණ වේදයට ඇතුළත් වන බවද අවසන කිවයුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *