ඔබේ විවාහය කඩන්නේ අගහරුද ?

ඔබේ විවාහය කඩන්නේ අගහරුද ?

 

මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්ද්‍ර යේ කොටු 12 තුල සැගවි තිබෙනවා. ඒක හරිම පුදුම සහගතයි. මේ ගැබුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඉසිවරු අතට පත්කරන්න ට ඇත්තේ ද යහපත් මිනිස්සු සිටින සමාජයක් ගොඩ නැගීමේ හා අපට අවශය තොරතුරු කල් වේලා ඇතිව දැන ගැනීමේ පරමාර්ථය ඇතුවයි. එම නිසා ජීවිතයේ දෙවන උපත ලෙස සැලකෙන විවාහය තුලටද අපට මේ ජ්‍යොතිෂයෙන් බොහෝ දේ උකහා ගත හැකියි. අප විසින් පෙර බව යේ සිදුකරන ලද කිසියම් අකුසල කර්මයක එල විපාක ලෙස මේ භවයේ විවාහ ජීවිතය අවුල් වීමට, බිදවැටීමට, හෝ ප්‍රමාදයකට මුහුණදීමට, උරුමනම් එකී කාරනා කල්වේලා ඇතිව දැන ගැනීමටත් එයට නිසි පිලියම් යෙදීමට ත් හැකි සාධනීය හා විද්‍යාත්මක එකම ක්‍රමය තමා ගේ ජන්ම පත්‍රයයි. විවාහය සඳහා ප්‍රබල බාධාවක් හා ගැටළුවක් වී ඇත්තේ ජන්ම පත්‍ර තුල ඇති කුජ හෙවත් භෞම දෝෂයයි. අඟහරු ගෙන් යෙදෙන්නා වූ මෙම දෝෂය භංඟවන ක්‍රම රාශියක් ජ්‍යොතිෂයේ දැක්වේ. කූජ දෝෂය මෙන්ම කුජ 7,8 යැයි මැසිවිලි නඟන පිරිස අති මහත්ය. නමුත් එම කුජ දෝෂය භංග වන ක්‍රම රාශියකි. ඒ පිළිබඳව අවධානය යොමුකර නිසි කලට නිසි ලෙසට විවාහයක් කර ගැනීමට ඔබටත් හැකියාව ඇත.

එය පලපුරුදු උගත් පින්වත් මුදල් මතම නොයැපෙන ජ්‍යොතිෂවේදියෙකුගෙන් විග්‍රහකර ගැනීම තුල විවාහයක ආත්මගත වූත් සංසාරගත වූත් බැදීම එකිනෙකාට ඇති හුරු පුරුදු බව මනා ලෙස හදුනා ගත හැකියි. කර්ම චක්‍රය උපතේදීම සටහන්ව ඇති ජන්ම පත්‍ර පරීක්ෂාව මගින්ද යහපත් විවාහ දිවියක් ගත කිරීම සදහා දදෙනා අතර සංසාරික හුරු පුරුදු බවක් පැවතීම විවාහක යුවලගේ හෝ විවාහ වීමට අපේක්ෂිත දෙදෙනා ගේ ජන්ම පත්‍ර වල ඇති ග්‍රහ ගැලපීම් නොගැලපීම් මගින් දෙදෙනාගේ ආත්මීය හුරු පුරුදු බවද අනාවරණය කර ගත හැකිය. මෙම ග්‍රහ ගැලපීම් හා නොගැලපීම් අතර ප්‍රධාන තැනක් ගන්නේ කුජ දෝෂයයි.

එසේ නම් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විවාහයට අඟහරු හෙවත් කුජ ග්‍රහයාගේ බලපෑම පිළිබඳවයි. මේ පිළිබඳව අද සමාජයේ විවිධ දුර්මත රාශියක් ඇත. ඒවා දුරු කරමින් නිවැරදිව කුජ දෝෂය හදුනා ගනිමු.
මනුෂය ජීවිතයේ මූලිකම සංදිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැත හොත් උපත, ජීවිතයේ දෙවන උපත හෙවත් විවාහය හා මරණය හෙවත් මනුෂයා ගේ විපතයි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, මරණයත් අපට කිසිසේත් පාලනය කල නොහැකි සාදක දෙකකි. එසේ නම් අපට පාලනය කල හැකි එකම සාධකය අපගේ විවාහයයි. විවාහය යනු පුද්ගලයාගේ දෙවන උපතයි. පුද්ගල ජීවිතයේ සැපත මෙන්ම විපතද රැදී ඇත්තේ විවාහය තුලයි. කෙනෙකුට විවාහය කරුමයකි. තවත් කෙනෙකුට විවාහය රාජ උරුමයකි. එසේම සාර්ථක පුරුෂයෙකු පිටුපස යහපත් ස්ත්‍රියක් සිටිනවා සේම සාර්ථක ගැහැණියක් පසුපස යහපත් පුරුෂයෙකු ද සිටිය යුතුය.

පෙරුම් පුරා වසර ගණනාවක් පෙම්දම් පුරා හෝ යොජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන යුවතිපතීන්ගේ සොදුරු කැදැල්ල එසේත් නැතිනම් ජීවිතයේ සොදුරු තම කඩ ඉම, සියල්ලන්ට ම නොලැබෙන ජීවිතයේ සෞභාගය විවාහයයි. අපට අවශය ලෙස කල යුතු, ජීවිතයේ එක් වරක් පමනක් ලබෙන විවාහය මිනිස් ජීවිතයේ අතිශයින් වැදගත් සාධකයකි. එබැවින් සාර්ථක විවාහයක් සදහා ස්ත්‍රියක හා පුරුෂයෙකු ගැලපීමේදී ඔවුන්ගේ කේන්ද්‍ර තුල ඇති ග්‍රහ ගැලපීම් නොගැලපීම් දෙස දැඩි අවධානය යොමුකිරීම උගත්වැදගත් ජ්‍යොතිෂවේදීයා ගේ මහගු යුතුකමකි. පොරොන්දමට පමණක් සීමාවී ග්‍රහ ගැලපීම් නොබැලීම තුල අද වන විට ලංකාවේ දික්කසාද පොලීම දිනෙන් දින දිගු වෙමින් පවතී.

කෙනෙකුගේ විවාහය නිසිකලට නිසිලෙසට නිසි වයසටම සිදුවෙනවා. විවාහ ජීවිතය අතිශය සාර්ථකයි. සියඵ දේ ලැබෙනවා ඔවුන් සතුටින් සමගියෙන් ජීවත් වෙනවා. විවාහයෙන් පසුව ටිකෙන් ටික දියුණුව සැලසෙනවා. වාසනාවන්ත දරු සම්පත් ලබනවා. ඒත් තව කෙනෙකු ගේ විවාහයේ මේ කිසිවක් නෑ. නිසි වයසත් ටිකෙන් ටික ගෙවිලා යනවා. රූපයෙන් අඩුවකුත් නෑ. දේපළ රැකියාව වැනි දෙත් සම්පූර්ණයි. නමුත් විවාහ වාසනාව තවම ලැΩබීනැහැ. නමුත් අර සියල්ල නැති අයත් ඉක්මනින් විවාහ වේලා නේද ?

අගහරු හෙවත් කුඡ ලේ වලට බලපාන ප්‍රධාන ග්‍රහයා වෙයි. එම නිසා විවාහ ග්‍රහ ගැලපීම් වලදී කුඡ හෙවත් අගහරුගේ බලපෑම විශේෂයෙන් පරීක්‍ෂා කල යුතුය. එසේම 3,6,10 හා 11 යන උපචය ස්ථාන කූඡට සුභ බැව් පිළිගෙන තිබෙයි. මෙම සියළුම ස්ථාන සියළු අසුභ ග්‍රහයන්ට සුභවෙයි. එසේම 5 හා 9 යන ත්‍රිකෝණස්ථානද සියළුම පාපියන්ට සුභ ඵල ගෙනදෙනු ඇත. කුඡගෙන් යෙදෙන්නා වූ ඉහත දැක්වූ භෞම නම් දෝෂය පිළිබඳ ලග්නයෙන්, සදුගෙන් හා සිකුරුගෙන් 1,2,4,7,8 හා 12 යන ස්ථාන වලට අදාලව පරීක්‍ෂා කල යුතුය.

ඡන්ම පත්‍රයේ එම ස්ථාන හෙවත් භාව 12 අතුරින් 1,2,4,7,8,12 යන ස්ථාන හය කුඡට අසුභ බව ඡ්‍යෙතිෂ සිද්ධාන්තයකි. එනයින් එම ස්ථාන 6 තුල කුජ ග්‍රහයා ලග්නයෙන්, චන්ද්‍රයාගෙන්, හෝ සිකුරු ගෙන් උච්චව, ස්වක්ෂේත්‍රව, නීචව, හෝ ගුරුගේ දුෂ්ටියට ලක් නොවී යෙදී තිබීම කුජ දෝෂය ලෙස හදුන්වයි. මෙය පූර්ණ වෙධද්‍ය හෙවත් විවාහයට බාධා වන දේෂයකි. මෙයින් වඩා ප්‍රබල වන්නේ සිකුරුගෙන් ඉහත ස්ථාන හය තුල යෙදෙන කුජ දෝෂයයි. මෙම දෝෂය විවාහය සඳහා ඉතා ප්‍රබලව බලපාන අසුභ දෝෂයකි. කූඡ දෝෂයභංග වන ආකාර රාශියක් ජ්‍යොතිෂයේ දක්වා ඇත. එනම්
විවාහ සඳහා ගලපන අනෙක් කේන්ද්‍රයේත් ඉහත සඳහන් ස්ථාන 6 තුල කුජ ග්‍රහයා තැන්පත් වීම කේන්ද්‍ර දෙකෙහි කුඡ හා කේතු යන දෙදෙනා ඉහතින් සඳහන් වුණු 1,2,4,7,8,12 යන ස්ථාන වලින් කොතැනක සිටියත් ගැලපෙන බැව් සමහර විද්වතුන්ගේ මතයකි. එක් කෙන්ද්‍රයක කුඡ සිටි ස්ථානයේම කේතු සිටින්නේ නම් ගැලපීම ඉතා යහපත් වෙයි. කුඡ සිටි තැන ශනි, රාහු, රවි හෝ කේතු යන එක් ග්‍රහයකු අනෙක් කේන්ද්‍රයේ ඇත්නම් කුඡ දෝෂයභංග වෙයි. කුඡට සිය රාශිය වූ මේෂයෙහිදී ත් වෘශ්චිකයේදීත් උච්ච රාශියවූ මකර යෙ දීත් නීච රාශිය වූ කටකයෙදීත් භෞම දෝෂය නොයෙදෙන බව පිළිගැනේ. මේෂ, කටක, තුලා හා මකර යන රාශිවල දී කුඡ දෝෂය භංග වෙයි.

සිංහ, කටක, ධනු හෝ මීන යන රාශි වලදි අධිපති වන රවි, ගුරු හෝ සදු යන ග්‍රහයෝ කුඡගේ මිත්‍ර යෝ වෙයි.

එම නිසා ඉහත දැක්වෙන රාශිවල 7 වැන්නේ හැර අනෙකුත් ස්ථාන වල කුඡ දෝෂයභංග වෙයි.

  • මිතුන හා කන්‍යා යන බුධට අයත් රාශියක කුඡ සිටින විට 2 වැන්න නම් දෝෂ භංග වෙයි.

  • වෘෂභ හා තුලා යන සිකුරු ට අයත් රාශි වල 4 වැන්නේ කුඡ සිටින විට දෝෂභංග වෙයි.

  • 12 වැන්නේ බුධ ගේ හෝ සිකුරු ගේ රාශියක්ව කුඡ සිටින විට දෝෂභංග වෙයි.

    කුඡ ගුරු සමග සංයෝගව හෝ ගුරුගේ පූ3⁄4න දෘෂ්ටියට ලක් වූ විට දෝෂ භංග වෙයි.

  • මේෂ ලග්නයේ 1,4,8 හා 12 දෝෂ රහිත අතර 2 හා 7 දෝෂ සහිත වෙයි. වෘෂභ ලග්න යේ 2,4,7,8 හා 12 දෝෂ රහිත අතර ලග්නය දෝෂ සහිත වෙයි.

  • මිතුන ලග්නයේ 2,8 හා 12 දෝෂ රහිත අතර 1,4 හා 7 දෝෂ සහිත වෙයි.

  • කටක ලග්නයේ 1,2,4,7 හා 12 දෝෂ රහිත අතර 8 වැන්න දෝෂ සහිත වෙයි.

  • සිංහ ලග්නයේ 1,2,4,8, හා 12 දෝෂ රහිත අතර 7 වැන්න දෝෂ සහිත වෙයි.

  • කන්‍යා ලග්නයේ 2,4,8 හා 12 දෝෂ රහිත අතර 1 හා 7 දෝෂ සහිත වෙයි.

  • තුලා ලග්නයේ 1,2,4,7 හා 12 දෝෂ රහිත අතර 8 වැන්න දෝෂ සහිත වෙයි.වෘශ්චික ලග්නයේ 1 ,2 හා 12 දෝෂ රහිත අතර 4, 7 හා 8 වැන්න දෝෂ සහිත වෙයි.

  • ධනු ලග්නයේ 1,2,4,8 හා 12 දෝෂ රහිත අතර 7 වැන්න දෝෂ සහිත වෙයි.

  • මකර ලග්නයේ 1,4,7,8 හා 12 දෝෂ රහිත අතර 2 වැන්න දෝෂ සහිත වෙයි.

  • කුම්භ ලග්නයේ 2,4 හා 12 දෝෂ රහිත අතර 1,7 හා 8 වැන්න දෝෂ සහිත වෙයි.

  • මීන ලග්නයේ 1,2 හා 8 දෝෂ රහිත අතර 4,7 හා 12 වැන්න දෝෂ සහිත වෙයි.

ඉහත සඳහන් ආකාරයට කුජ දෝෂය භංග වන ආකාර රාශියක් ජ්‍යොතිෂයේ දක්වා ඇති අතර නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවක් හා පොරොන්දම් පරීක්ෂාවක් තුලින් කුජ දෝෂය භංග කර ඉතා යහපත් විවාහයකට මඟ පාදා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *