හොඳම ඉඩම් හා හොඳම නිවාස

හොඳම ඉඩම් හා හොඳම නිවාස

ජ්‍යොතිෂය ඉතා ගැඹුරු හා පළල් විත්මක ශාස්ත‍්‍රයකිග අකාලික බුදුදහමේ සුළු කොටසක් ද එයින් කියැ වේ. එනම් කර්මවිපාක පල දෙන අයුරුයි. බුදුදහමේ කර්මපල න්‍යාය ඇත ද ඒවා පල දෙන කාල සීමාවන් නැත. එනමුදු ජ්‍යොතිෂයේ මහදසා අතුරු දසා ඒරාෂ්ටක ආදිය මගින් යම්කිසි ප‍්‍රමාණයකට එය දක්වයි. මෙය බුදුදහමේ ඉතා සුළු කොටසක් කියා පෑමකි. බුදුදහම අකාලික ය. ඒ නිසා රාග දෝෂල මෝහල භය නිසා එය වෙනස් නොවේ. එනමුදු ජ්‍යොතිෂය අකාලික නොවේ. ඒ නිසා ම රාගල දෝෂල මෝහ භය නිසා එය යම් යම් කාලවලට වෙනස් වීමක් සිදු වෙයි. වාස්තු විiාව ජ්‍යොතිෂයේ සුළු කොටසකිග ඉහත කී මේ න්‍යාය යටතේ පුරාණ වාස්තු විiා සිද්ධාන්ත ද වෙනසකට භජන වන අතරල වර්තමානයේ දී ඒවා නොයෙක් අයුරින් නවීකරණය හෝ නාගරීකරණය කර ඇත.කර්මපල විපාක විශ්වාස කරන බෞද්ධයෝ අනවශ්‍ය දේ නොකර ආගමානුකූලව ප‍්‍රතිපත්ති ගරුකව වාසය කිරීමෙන් පමණක් අපල උපද්‍රව බොහෝ සේ අඩු කර ගත හැකි බැව් සිතා තම ගේදොර පිළියෙල කර ගැනීමට උනන්දුවීම වෙත්වා අසීමිත ආශාවන්ගෙන් තොරව තමන්ගේ ප‍්‍රමාණයට සෑහෙන ඉඩමක් ගෙන නිවසක් ගොඩ නැගීමට අවශ්‍ය උපදෙස් වාස්තු විiාවෙන් උගන්වා ඇතග කිසි ම කෙනෙකුට අනුන් පරදවා ඉඩමක් හෝ නිවසක් හෝ ලබා ගත නොහැකි යග එසේ කරන්නට ගිය අයට වූ දේවල් වර්තමානයේ පවා අත්දකින්නට ඇත.

පුරාණයේ දී ඉඩම් දහසය වර්ගයක් ෂෝඪෂ භූමි ලක්‍ෂණයටතේ දක්වා ඇත. එයින් මුල් හතර හැරෙන්නට අනිත් ඉඩම්වල නිවාස සෑදූ විට අනිටු විපාක ලැබෙන බවට විස්තර කර ඇත. අනිටු විපාක කෙසේ වෙතත් ඒවායේ නිවසක් සෑදීමට යෑමේ දී මතුවන ප‍්‍රශ්න එමට වේ. සුදුසු යයි දක්වා ඇති ඉඩම් 4 වන්නේ පළලින් අඩු දිගින් වැඩි වූ සිව්පැති ආයතෆ ඉඩම්ල හතරැස් ඉඩම්ල කවාකාර ඉඩම් හා මැද උස් වූ හතරැස්ව පිහිටි :භද්‍රාසනෆ ඉඩම් යනුවෙන් විස්තර වන හතර වේ. භද්‍රාසන ඉඩමත් අර්ධ සිද්ධියක් පමණක් දෙන්නෙකිග ඉතිරි ඉඩම් 12න් බොහෝ ඒවා අද සොයාගත නොහැකි තරම් ය. හේතුව කොටස් කොට විකුණනු ලබන ඉඩම් ඉහත කී සුදුසු ඉඩම් තුන් වර්ගයට අදාළ වන සේ සකසා ඇති නිසා ය.

පරම්පරාගතව තමන්ට ලැබෙන ඉඩමක් හැරුණු විට වැඩිහරියක් දෙනාට ඉඩම් මිල දී ගැනීමට සිදුවන්නේ කොටස් කර විකුණන ඉඩම්වලිනි. මෙහි දී නැගෙනහිරට හා දකුණු පැත්තට ප‍්‍රධාන දොර තැබිය හැකි සේ නිවස සැලසුම් කළ හැකි ඉඩමක් ලබා ගැනීම ඔබට පරිසරයෙන් ම ලැබෙන වාසියකි. අනිත් පැති දෙකට වාස්තු විiාකූලව නිවසක් සැලසුම් කළ නොහැකි යයි මෙහි දී අදහස් නොකෙරේ. විශේෂයෙන් බස්නාහිරට පාර වැටී ඇති ඉඩම් නුදුසුසු යයි ඇති මතය වාස්තු විiාවේ දී බැහැර කරනු ලැබේ. බස්නාහිරට වඩා ඔබට අපහසුතා මතු කරන්නේ උතුරට ප‍්‍රධාන දොර දමා නිවස සැලසුම් කිරීමට සිදු වුවහොත් ය.හේතුව උතුරට ප‍්‍රධාන දොරක් දැමීමට සිදු වුවහොත් එය වාස්තු විiානුකූල සුභ නිවසක් කිරීමට දකුණ ද ඇතුළත්ව තුන් පැත්තකට දොරවල් තුනක් දැමීමට සිදු වීම නිසා ය.

පැති සම්බන්ධ ප‍්‍රශ්නවලට වඩා කොටස් කොට විකුණන ඉඩම්වල දී පාරට සමාන්තරව හෝ මඳක් ඉහළින් ඇති ඉඩම් කට්ටි හැරුණු විට පාරට බොහෝ උස්ව හා පහත්ව ඇති ඉඩම් ගැනීමෙන් ඔබට අපහසුතා ඇති කරයි. බොහෝ උස්ව ඇති ඉඩම්වලදී නිවසට වාහනයක් ගැනීමේදී දල පහත්ව ඇති ඉඩම්වල දී වතුර බැසයාම පිළියෙල කිරීමේ දී ද දුෂ්කරතා ඇති වන හෙයිනි.මේ දුෂ්කරතා ද අක්කර භාගයක්වත් ඉඩමක දී නම් සෑහෙන වියදමක් දරා විසඳා ගත හැකි බැව් රත්නපුර ආදි ප‍්‍රදේශවල පිහිටි නිවෙස් දෙස බැලීමෙන් වටහා ගත හැකිය. එමනිසා ඉඩමක් මිල දී ගැනීමේදී මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.

පාරිසරික හේතු ද ඔබගේ නිවාසයන්ට බාධා උද්ගත කරනු ලබන අවස්ථා ඇතග අවුරුද්දේ තද වැසි ඇතිවන කාලවල දී වතුරෙන් යටවන ඉඩම් දල කෘෂිකාර්මික ඉඩම් සමඟ නිවාසයක් සෑදීමට බලාපොරොත්තුවන අය තද නියඟ හා ගංවතුර ඇති වන ප‍්‍රදේශවලින් ඉඩම් තොරා නොගැනීමට ද ප‍්‍රවේශම් විය යුතු ය.

කොටස් කර බිම්කට්ටි විකුණන ඉඩම් වලදී ප‍්‍රවේශ මාර්ගයේ පිහිටීම අනුව වාස්තු විiානුකූලව සුදුසුයයි සම්මත වී ඇති ඉඩම් වර්ග කර ඇත. පාර අවසානයේ ඇති ඉඩම්වලින් උතුර හා නැගෙනහිර ඊසාන කෙළවරේ දල දකුණ ගිණිකොණ කෙළවරේ දල බස්නාහිර වයඹ කෙළවරේ ද පාර පිහිටි ඉඩම් සුභ ඉඩම් ලෙස සැලකේ. උතුර වයඹල නැගෙනහිර ගිණිකොණ කෙළවරේ දල දකුණ හා බස්නාහිර නිරිත කෙළවරේ ද පිහිටි ඉඩම් අශුභ යයි සම්මතව ඇත. පාර පිහිටි පැත්ත අනුව ද නිවාසවල ශුභා’ශුභ දක්වා ඇතග නිවසට උතුරේ පාර පිහිටි විට ව්‍යාපර දියුණුව දල නැගෙනහිර වාසනාව දල දකුණ කාන්තා අවශ්‍යතාවලට දල නැගෙනහිර හා උතුර දෙපැත්තේ ම ප‍්‍රසිද්ධියට දල නැගෙනහිර, දකුණ හා බටහිර තුන් පැත්තේ ම සියළු අතින් දියුණුවට ද හිතකර බැව් දක්වා ඇතග බටහිර පැත්තට පමණක් ඇති විට තම ව්‍යාපාර ටික කලක් දියුණුවට පත් වුවත් ඉන්පසු පරිහානියට ලක් වේ යයි කියැ වේ.

මීට අමතරවල ආයතනික නීතිරීතිවලින් ද ඔබට බාධා පැමිණෙන අවස්ථා ඇත. බොහෝ විට මෙය සිදුවන්නේ නිවාස සැලසුම් කරණයේ දී බලපාන නීති රීති පිළිබඳව ඇති නොදැනුවත්කම නිසා ය. ඒ නිසා ඔබ බලාපොරොත්තුවන ආකාරයෙන් ම නිවසක් සැලසුම් කරවා ගැනීමට නම් ඒ සඳහා ඇති ඉඩම ඊට සුදුසු පරිදි තිබිය යුතුයග පලාත් පාලන ආයතනයෙන් අනුමැතිය ලබාගෙන විකුණන මීට අමතරවල ආයතනික නීතිරීතිවලින් ද ඔබට බාධා පැමිණෙන අවස්ථා ඇත. බොහෝ විට මෙය සිදුවන්නේ නිවාස සැලසුම් කරණයේ දී බලපාන නීති රීති පිළිබඳව ඇති නොදැනුවත්කම නිසා ය. ඒ නිසා ඔබ බලාපොරොත්තුවන ආකාරයෙන් ම නිවසක් සැලසුම් කරවා ගැනීමට නම් ඒ සඳහා ඇති ඉඩම ඊට සුදුසු පරිදි තිබිය යුතුයග පලාත් පාලන ආයතනයෙන් අනුමැතිය ලබාගෙන විකුණන ඉඩම්වල දී ඔබේ නොදැනුවත්කම බාධාවක් නොවන්නට පිළිවන් වුව ද ඔබ ගන්නා ඉඩම ඔබේ අවශ්‍යතාව සපුරාලන ලෙස භාවිත කළ හැකි ද යන්න ගැන පරීක්ෂාකාරී විය යුතු යග කොළඹ ද ඇතුළුව අවට පලාත්පාලන කීපයකට අදාළවනසේ නිකුත් කොට ඇති නේවාසික ගොඩනැගිලි සඳහා වූ ඉහත වගුවේ නියෝගය පොදු වශයෙන් ද සැලකිය හැකි ය.

ප‍්‍රාදේශීය ආයතනයෙන් අනුමත කොට තිබුණ ද ඉහත සටහන අනුව මීටර් 3ක් :අඩි 10ක්ෆ හෝ මීටර් 4ග5ක් :අඩි 15ක්ෆ පළල ඇති ප‍්‍රවේශ මාර්ගය ඇති ඉඩමක ඔබ සැලසුම් කරනු ලබන ගොඩනැගිල්ලේ ඒකක තුනක් :පවුල් තුනක් සඳහා නිවාස තුනක්ෆ සැලසුම් කළ නොහැකිය. මේවා ඉඩමේ ප‍්‍රමාණය අනුව ද වෙනස් වනු ඇතග කෙසේ වුව ද ඉඩම විශාල වුව දල ඉඩමේ ඉඩ තිබුණ දල මේ නීතිය එසේ ම කි‍්‍රයාත්මක වේ.

පරම්පරාගතව ලැබෙන ඉඩම් දරුවන් කීප දෙනකුට බෙදා වෙන් කිරීමේ දී ද රජයේ නීති රීතිවලට අනුකූල නොවුණහොත් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට නොවන්නට පුළුවන. උදාහරණයක් වශයෙන් පර්චස් 10ක් ඇති ඉඩමක් දරුවන් දෙදෙනෙකුට වෙන් කර දීමේ දී ඉන් අයෙකුට හිමිවන්නේ පර්චස් 5ක් නම් දෙදෙනාට ම නව නිවසක් ගොඩනැගීමේ දී අව ම ඉඩම් ප‍්‍රමාණය වූ පර්චස් 6ක් නොමැති වීම නිසා සැලසුම් අනුමත කර ගැනීමට නොහැකි වේ. එසේ වුව ද බෙදා වෙන් කිරීමට පෙර එම ඉඩම සඳහා එම ප‍්‍රමාණයට ම සිටින සේ නිවාස ඒකක දෙකකට සැලසුම අනුමත කර ගැනීමෙන් පසු අයිතිය පැවරීමෙන් ඒ බාධකය ඉවත් කර ගත හැකියග මේවා කළ හැක්කේ රජයේ නීති රීති පිළිබඳව මනා අවබෝධයක් තිබුණහොත් පමණකිග එමනිසා වාස්තු විද සිද්ධාන්ත මෙන් ම රජයේ නීති රීති පිළිබඳව ද ඔබ දැනුවත් වී සිටිය යුතුය.

මෙම ලිපි පෙළේ දී එවැනි බාධාවලින් මිදිය හැකි අන්දම ද අවස්ථානුකූලව ඔබ වෙත පහදා දීම අපේ බලාරොත්තුව යිග ඔබට උපරිම අයුරින් සහාය වීම රිවිසිරි අධිෂ්ඨානය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *