ඉෂ්ට දේවතාවුන් වහන්සේ වෙනුවෙන් වත්පිළිවෙත් කර ජීවිතයට සෞභාග්‍ය ළඟා කර ගන්න.

ඉෂ්ට දේවතාවුන් වහන්සේ වෙනුවෙන් වත්පිළිවෙත් කර ජීවිතයට සෞභාග්‍ය ළඟා කර ගන්න.

ලොව තුල අපට නොපෙනෙන අදශ්‍යමාන බලවේග විශාල වශයෙන් ඇත. බලිවේවා වැඩි වශයෙන් ඇතත් අපට උදව් උපකාර කරන්නා වු බලවේගයන්ද නැතුවාම නොවේ. ඒ අතර දේවතාවුන් වහන්සේලාට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. ඒ අතරද ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ වැදගත් ප්‍රබල ස්ථානයක් හිමිකර ගනීග ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ වශයෙන් හඳුනා ගැනෙන්නේ කවුරුන්ද කියා අප මුලින්ම දත යුතුවේ. මෙලොව ජිවත් වන සියලුම පුද්ගලයන් හට තමාට ඇදහීමෙන් පිහිට ලබා ගත හැකි ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කෙනෙකු වේ. ඉෂ්ඨ දේවතාවුන් හඳුනා ගැනෙන්නේ මෙලෙසය.

යම් හෙයකින් ඔබ රවි ග්‍රහයා බලවත්ව වැඩිම දුරක් ගමන් කල උපත ලැබු පුද්ගලයෙකු නම් ඔබගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ වන්නේල ශිව හෙවත් ඊශ්වර දෙවිදුන්යග ඔබ උපත ලද්දේ සඳු හෙවත් චන්ද්‍රයා බලවත්ව නම් ඔබට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලා දෙදෙනෙකු වේග ඒ මහා බ්‍රහ්මයා සහ පත්තිනි මාතාවයිග කුජ ග්‍රහයා බලවත්ව උපන් අයට කතරගම දෙවි ඉටු දෙවියන්යග බුධ ග්‍රහයා බලවත්ව උපන් අයගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ වන්නේ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සෙියි. ඔබ ගුරු ග්‍රහයා බලවත්ව උපන් අයෙකු වන්නේ නම් මහා බ්‍රහ්ම දෙවියන් ඔබගේ ඉටු දෙවියන් වේ. සිකුරු ග්‍රහයා බලවත්ව උපන් අයට ඉටු දෙවිවරු දෙදෙනෙකි. ඒ ලක්‍ෂමි මාතාවත් රතිකාම දේවතාවියත්ය.

ශනි බලවත්ව උපන් ඕනෑම පුද්ගලයෙකුගේ ඉටු දෙවියන් වන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන්ය. සර්ප සේනාවට අධිපතීත්වය දරණ ගම්භාර දෙවියන් රාහු බලවත්ව උපන් අයගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේයග කේතු බලවත්ව උපන් අයටත්ල ශ්‍රී විෂ්ණු දෙවියන් ඉටු දෙවියන් වන්නේය. ඉහත සඳහන් පුකාරව ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලා හඳුනා ගැනීමට හැකියාව ඇත. තමාට සිදුවෙන ඕනෑම ලෙඩ දුක්, කරදරල අපල අවස්ථාවක දී තමාට හිමි ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ පුදා සහනයක් හිටිටක් ලබාගත හැකිය. කේන්දර තුල බලවත් ග්‍රහයාගේ මහ දශාල අනු දශාල විදශා ගතවන කාල සීමාවන් හි දී මෙම ඉටු දෙවි පිහිට වැඩි වශයෙන් ලබාගතහැකි වේග ඉෂ්ඨ දේවතාවුන්ට පසුව අපට පිහිට ලබා ගත හැකි තවත කොටසක් සිටිති. ඒ පාලක දෙවිවරුයග ඔවුන් සොයා ගැනෙන්නේ හඳහන තුල ඊළඟට වැඩිම දුරක් ගිය ග්‍රහයා සොයා ගැනීමෙනි. ඊළඟට වැඩිම දුරක් ගමන් කල බලවත් වු ග්‍රහයා නවාංශකයේ සිටින තැනින් හයවැන්නේ සිටිනි බලවත් ග්‍රහයාට හිමි දේවතාවුන් වහන්සේ ඔහුගේ හෝ ඇයගේ පාලන දේවතාවුන් වහන්සේය. මෙලෙෂ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ සහ පාලන දේවතාවුන් වහන්සේ පිදීම තුල ජිවිතයට සෞභාග්‍ය උදාකරගත හැකියග තමාගේ රැකියාවේ දියුණුවල අපල විපත් කරදර වලින් මිදීමල විවාහය, ආර්ථිකයේ දියුණුව වැනි කාරණා උදෙසා මෙම දෙවිවරු නැමදීමෙන් පිහිට ලබාගතහැකිය. එමෙන්ම මෙම දෙවිවරුන්ට අයත් යන්ත්‍ර රත්න පැළදීමෙන් තමන්ට පැමිණෙන ඕනෑම සතුරු බලවේගයක්ල ඇස්වහ කටවහල ගුප්ත බලපෑම් බිඳ දමා ගත හැකියග සියලුම ප්‍රශ්ණ වලින් මිදීමටත් රැකවරණය සහතික කර ගැනීමටත් එය ඉවහල් වනු ඇත.

ඔබත් අදම පවුලේ ජ්‍යෙතිෂවේදියා හමු වී ඔබගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ සහ පාලක දේවතාවුන් වහන්සේ හඳුනාගෙන එම දෙවිවරු උදෙසා අවශ්‍ය ශාන්ති කර්ම සිදුකර තමාගේ සියලු කටයුතු සඳහා සෞභාග්‍ය ලඟා කර ගන්නග ගැටළුවක් වෙතොත් විමසන්න. බුදුසරණයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *