ඔබත් වාහන ඔබත් වාහන වාසනා හිමිද..

ඔබත් වාහන ඔබත් වාහන වාසනා හිමිද..

තවමත් ඔබට වාහනයක හිමිකරුවෙකු වීමට නොහැකිවීද,

වාහන වාසනා ලැබීමට පෙර ආත්මවල කුෂල් කර තිබිය යුතුයි. වාහන වාසනාව තිබෙන නිවසක උපත ලැබුවත් ඔහුට හෝ ඇයට වාහන නොලැබී යා හැක. ලැබුනත් වැඩිකල් නොපවතී.හදිසි අනතුරුවලට ලක් වී වාහන විනාශ වේ. ඔය අලුත්වැඩියා කිරීමටවත් නොහැකිව මුදල් ද නැතිවේ. තම ජිවිතයට ද වාහන අනතුර නිසා හානි සිදුවිය හැක.

 වාහන වාසනා හිමිවීම් පිළිබඳව විමසීමේ දී ඡන්ම පත්‍රයේ හතරවැන්නට ප්‍රධාන තැනක් හිමිවේැග තවද නවවැන්නත් පරික්‍ෂා කලයුතුයි.න්‍ාහන තමන්ට පලදෙනවාද නැද්ද යන්න නමවැන්නෙන්ද කියවේ.

01. කුම්භ ලග්නයෙන් ජනිතව සිව්වැන්න චන්ද්‍රයා පිහිටීම වාහන ලබන යෝගයකිග සිව්වැන්න සිකුරුගේල පුර්ණ දෘෂ්ටියට ලක්වී නම් සැපවාහන ලබයි. අඩි සුඛෝපභෝගී වාහන ලබයි.

02. ධනු ලග්නයෙන් ඉපදී සිකුරු ග්‍රහයා හතරවැන්නගත ඡන්මියාට උපතේ සිට වාහන ලාභ උදාකරයි. තරුණ වයස වනවිටම තමන්ගේ නමට වාහන කීපයකට හිමිකම් කීමට හැකිවේ. තවද නමවැන්නේ සුබ ග්‍රහයෙක් යෙදීම නිසා ජීවිතාන්තය දක්වාම වාහන ලාභ ලැබේ.

03.තුලා ලග්නයෙන් ජනිතව කුජ ග්‍රහයා හතරවැන්න ගතවීම බස්ල ලොරි වැනි බර වාහන හිමිකරුවෙක් වන ග්‍රහ බලයකිග තුලා ලග්නයේ ශනි යෙදී හතරවැන්න කුජ හතරවැන්න ගතවීම බරවාහන කීපයක හිමිකරුවෙක් වේ.

04. මිතුන ලග්නයෙන් ජනිතව බුධ ග්‍රහයා සිව්වැන්න ගතවීම නිසා බුද්ධිය මෙහෙයවා කරන රැකියාවකින් මුදල් උපයා වාහනයක් මිල දී ගනී. බොහෝවිට උපකාරක පන්ති පවත්වා ලැබෙන ධනයෙන් වාහන මිල දී ගනි.පවුලේ බිරිඳට දරුවන්ටද වෙන වෙනම පාවිච්චියට වාහන ලබාදී ඇත.

05. මේෂ ලග්නයෙන් ජනිතව ගුරු ග්‍රහයා සිව්වැන්න ගතවීමත් ගුරු වෘත්තියෙන් ධනය උපයා වාහන මිල දී ගනී.

06. ධනු ලග්නයෙන් ජනිතව සිකුරු ග්‍රහයා සිව්වැන්න ගතවීම අලුත් කවුරුත් ප්‍රියකරන වාහන ලැබීමේ වාසනාව උදාකරයි. ෂමහරවිට වාහන විකුණන ව්‍යාපාරිකයකු වීමේ භාග්‍යය උදාවේග තවද ධනු ලග්නයෙන් ජනිතව දෙවැන්නේ ශනි යෙදී සිව්වැන්න සිකුරු ග්‍රහයා ගතවීම වාහන විකිණීම් ව්‍යාපාරයට හිමිකරුවීමට වාසනාව උදාකරය.

07. කුම්භ ලග්නයෙක් ජනිතව සිකුරු ග්‍රහයා හතරවැන්න ගතවීම වාහනයකට හිමිකම් කියන ග්‍රහ පිහිටීමකි.

08. කටක ලග්නයෙන් ඉපදී සිව්වැන්න සිකුරු යෙදීමත් වාහන වාසනාව උදාකරන ග්‍රහ බලයකි.

09. මේෂ ලග්නයෙන් ජනිත වී දෙවැන්නේ පුරසඳු යෙදීම වාහන ලබා දෙයි. සමහර විට සහකාරියගේ බපාර්ශවයෙන් දැවැද්දට වාහනයක් හිමිවේ.

10. මේෂ ලග්නයෙන් ජනිත වී සිව්වැන්නේ පුරසඳු යෙදීම මව් පාර්ශවයෙන් වාහන ලාභයක් තරුණ වයසේදීම විවාහයටත් පෙර ලැබෙන ග්‍රහ තත්වයකි.

11. මේෂ ලග්නයෙන් ජනිතව පුරසඳු සිව්වැන්න යෙදී හත්වැන්නේ සිකුරු ගතවීම ද දැවැද්දට සහකාරියගේ පාර්ශවයෙන් නවීන මෝටර් රථයක් කාරයක් ලැබේ.

12. කටක ලග්නයෙන් ජනිතව ශනි සිව්වැන්න ගතව යෙදීම හේතුවෙන් ස්වෝත්සහයෙන් ව්‍යාපාරයකින් ධනය උපයා වාහන මිලට ගැනීමේ වාසනාව හිමිකරදෙයි.

13.මිථුන ලග්නයෙන් ජනිත වී රාහු සිව්වැන්න යෙදීම වාහන හිමි වුවත් නිතර අලුත්වැඩියා වලටම ලක් වී අවසානයේ අතේ පාඩුවට විකුණා දැමීමට සිදුවේග හිතුවක්කාරිව බිරිඳ දරුවන් කියන දේ ගණන් නොගෙන වාහනයක් මිලදී ගෙන නිතර නිතර අලුත්වැඩියා කිරීමට කරුණු යෙදේ. තැන්පත් මුදල් ඒ කටයුතු සඳහාම විනාශ වී පාඩු විඳීමට සිදුවේ.

14. කුම්භ ලග්නයෙන් ඉපදී සිකුරු ග්‍රහයා සිව්වැන්න ගතවීම බලවත් වාහන යෝගයක් වේ. මෙය ඡන්මියාට මාලවී යෝගය උදා කරයි. මෙය යානවාහන පමණක් නොව පදිංචියට අලුත් තට්ටු නිවාස සාදා ගැනීමට හැකිවන මවගෙන් දේපල ලබන ග්‍රහ පිහිටීමකි.

15. මේෂ ලග්නයෙන් ජනිතව සඳු එකොළොස්වැන්න ගතව ගුරු ග්‍රහයා සිංහ රාශිගතව සඳු දකී නම් වාහන හිමිකරුවෙකු වීමේ වාසනාව උදාවේ.

16. සිංහ ලග්නයෙන් ජනිතව කුජ සිව්වැන්න යෙදීම තම උත්සාහයෙන් ධනය උපයා වාහන මිලදී ගැනීමට හැකියාව උරුමකරයි. ෂමහරවිට මව්පියන්ගෙන් උරුම වු ඉඩම් විකුණා වාහන හිමිකර ගනීග ටික කලකදී වාහනය අනතුරකට ලක් වී දැඩි අලාභ හානී සිදුවීමටද ඉඩ තිබේ.

17. මේෂ ලග්නයෙන් ජනිතව සඳු ශනි යෝගය හතරවැන්න ගතවීම ඉතාම බලවත් වාහන යෝගයකි. වාහන පලදෙන ග්‍රහ බලයකි.

18. ගුරු ශනි යෝගය සිව්වැන්නේ යෙදී මේෂ ලග්නයෙන් ජනිතව දහවැන්න ගත කුජ සිව්වැන්නට දෘෂ්ටි හෙලීම බස්රථ වාහන කීපයකට හිමිකම් කියන ග්‍රහ බලයකි.

19. කටක ලග්නයෙන් ජනිතව සිකුරු හතරවැන්න ගතව සුබ ග්‍රහයින්ගේ දෘෂ්ටි හතරවැන්නට ලැබීම හොඳ යානවාහන ගෙනදෙන යෝගයකි.

20. වෘෂභ ලග්නයෙන් ජනිත ව රවි ගුරු සිව්වැන්න යෙදී සුබ ග්‍රහයින්ගේ දෘෂ්ටිවලට ලකම්ම වාහන ගෙනදෙයි.ග්‍රහ ගෝචර ගමන් අනුව නම් ශූභ ඵල මෙන්ම අභුභ ඵල ගෙනදීමටත් ඉඩකඩ ඇත.

 එමනිසා වාහනයක් මිල දී ගැනීමට පෙර ඔබත් ඔබගේ හඳහන පරික්‍ෂා කරගන්නග ශනි ඒරාශ්ඨක අපල තදින්ම අසුබ ඵල උදාකරන කාලයන් තුල වාහන මිල දී ගැනීමෙන් වැලකී සිටිය යුතුමයි. එපමණක් නොව ඒ අශූභ කාලවලදී වාහන පරිහරනයෙන් වැලකී සිට ප්‍රවේශම් වීම බොහෝ වැදගත් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *