ගුරු ග්‍රහයාගෙන් රටට, ඔබට යුක්තිය සාධාරණය ඉටුවේද?

ගුරු ග්‍රහයාගෙන් රටට, ඔබට යුක්තිය සාධාරණය ඉටුවේද?

ලෝකයේ පවතින්නේ හේතුඵල මතාවයකි. අප හේතු සකස් කරන්නේ කුමක්ද? එම හේතු ඵල අනුව පලය සැකසේ. මෙය කවුරුන් විසින් කරවන දෙයක් නොව මතාවයෙන් සවයංක්‍රියව සිදුවන්නෙකි. උදාහරණයක් හැටියට අඹ ඇටයක් පැල කලහොත්, කොස් පැල, නොවන්නා සේමය.

අප්‍රේල් 06 සිට ගුරු නීචයෙන් මිදී යහපත් වන්නේ ය. අප ද යහපත් ව කටයුතු කිරීමට වගබලා ගත යුතුය. නීතියට ගරු කළ යුතුය. දුෂණය, වංචාව පිටු දැකිය යුතුය. විෂමාචාර ක්‍රියාවලින් ඈත් විය යුතුය. මෙය මහජනතාව පමණක් නොව රට කරවන පාලක පක්‍ෂය ද මතක තබා ගත යුතුය. එසේ වුනහොත් මෙතෙක් විදී පිඩා වලින් මිදිය හැක. තම ක්‍රියාව ග්‍රහයාට බාර නොකරන්න. තමන්ගේ යහපත් ක්‍රියාව දෙස නිතරම බලන්න.

අප්‍රේල් 06 රාත්‍රි 12.23 ට මෙතෙක් පැවති ගුරු ගේ බල නීච තත්ත්වයෙන් මිදී. තම මිත්‍ර ශනිගේ, කුම්භ රාශීය වෙත යයි. මෙය වසර 12 පසු සිදුවන්නකි. විශ්වයේ පවතින සාධාරණය යුක්තිය, නීතිය, ප්‍රඥාව, මෙහෙයවන විශ්ව බලය වන්නේ ගුරු යි. එම ගුරු ඉතා පහත් තත්ත්වය නොහොත් නීච ව පසුගිය මාස කිපයක් ම ගත කලේය. එම වකවානු තුල (2020-2021) එනම් මහජනතාව නොයෙක් දුක් ගැහැට වින්දේය. කොරෝනා වසංගතයේ උපරීම තත්ත්වයද, අසනීප, කරදර, චිත්ත පීඩා, අනතුරු, අසාධාරණත්වය, ඉවසීම, නැතිකම, නොවැටහීම, ධ3⁄4මධර පූජ්‍ය පක්‍ෂ හිමියන්ගේ අභාවයද, සාධාරණය ඉටු නොවීම, නීතිය පසෙකලා කටයුතු සිදුවීම, නීතිය, පොලිසිය අපකීතියට පත්විම, නොහික්මුණුකම ඇතිවීම, දුෂිත වැඩ ඇතිවීම, අනිවා3⁄4යෙන්ම සිදුවිය, සිදුවන්නකි. මේ කුමක්ද? සිදුවන්නේ කෙසේද? අප තේරුම් ගත යුතුයි. ලෝකයේ පවතින්නේ හේතුඵල මතාවයකි. අප හේතු සකස් කරන්නේ කුමක්ද? එම හේතු ඵල අනුව පලය සැකසේ. මෙය කවුරුන් විසින් කරවන දෙයක් නොව මතාවයෙන් සවයංක්‍රියව සිදුවන්නෙකි. උදාහරණයක් හැටියට අඹ ඇටයක් පැල කලහොත්, කොස් පැල, නොවන්නා සේමය. විශ්වයේ අවිධිමත් ශක්තීන් එසේ ඇතිවන විට අප ඒවාට අනුගත නොවී සිත දමනය නොකර වැඩ කලහොත් වන්නේ ඒ අනුව හේතු හැදීමයි. හේතු සකස් කරන්නේ අපයි. සකසන හේතුඵල අනුව පලය හට මුහුණ දීමට අපට සිදුවේ. එසේ හෙයින් ග්‍රහයාට කරන්නට දෙයක් නැත. ග්‍රහණය කරන්නේ තමාය. අප අවට විශ්වයේ  ́නැ තරම් ඔය නාලිකා තරංග අත්තේය. අප යම් නාලිකාවක් යන්ත්‍රය ඔස්සේ ග්‍රහණය කරන්නේ ද එම නාලිකාවේ පලය අපහට දිස්වේ. ග්‍රහකයා වන්නේ තමාය. එසේ නොමැතිව බලෙන් අපට ග්‍රහයා දෙන දෙයක් නොමැත. “හේතු පටිච්ච සම්භූතා, හේතු භංගා නිරුජ්ජතී” සකසන හේතු මත (පංචමහා භූතයන්) පල ගොඩනැගේ ද, එසේම හේතු අයින් කල කල් හී පලය ද ඉබේම නැති වන්නේය.

ඉහත දුෂිත ග්‍රහචාරයක් විශ්වයේ පවතිද්දි එම දුෂිත විෂම තත්ත්ව හට අනුව අප කටයුතු කලහොත් වන්නේ කුමක්ද? නොහික්මුණු අන්දමට වාහන ධාවනය කල හොත් වන්නේ කුමක්ද? පසුගිය කාලය නීතිය අවනීතිය කොට මහා පාf3⁄4 පොලිසිය හැසිරුනේ කාගේ වරදින් ද? පවතින ක්‍රියාවට අනුව විපාක ගෙන්වා ගත්තේ කවුද? හික්මුණු මනසකට විෂම ග්‍රහබල තිබුණට කුමක් කල හැකි ද? “සචිත්ත

පරියෝ දපනං” නොදැමුණු හිත් විපාක ඉල්ලා සිටින්නේ ය. ඒවාට ග්‍රහයෝ කුමක් කරන්න ද? විශේෂයෙන් පාපයට නැඹුරු සිත් ඇති විෂමාචාර ක්‍රියා කරන මහපා ගැහැණු දරුවෙකු යා නොහැකි තක්කඩි, කුඩු ගහන, නොහික්මුණු කම ඇති එවුන් මෝඩයින් වැඩි රටක් වන ලංකාවට ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට ඉහත විශ්ව ග්‍රහබල පාඩම් උගන්වයි. ඒවායින් විපත් වලටම වැටි දගලයි.

 “චරන්ති බලා දුන්මේදා – අමිත්තේනේව අත්තනා”මෝඩයා අනුවනයා තමා, තමාටමඅමිත්‍රයෙක් කරගනියි. (බුදුරජාණන් වහන්සේ) ලෝකායත ජ්‍යෙති3⁄4විද්‍යාවේදී මෙම ගුරු නීචය. ලෝකයටම බලපානු ලබයි. එහෙත් වැඩියෙන් අනුවණයන් සිටින රටවලට විපාක ඇති කරයි. දියුණු රටවල් වන ජපානය, නෝවේ, ස්විඩන්, පිල්ලන්ඩ්, ස්විස්ට3⁄4ලන්තය, ඔස්ටේ්‍රලියාව වැනි රටවලට අපේ රටට වන දේවල් නොවන්නේ ඇයි? අනුවණ කමින්, අසංවර කමින්, දඟලන අය සිටින රටවලට මෙම අන් අන්තර, සමනන්තර, ප්‍රත්‍ය ඒ විදියටම කි ්‍රයාත්මක වෙයි. “හෙණයක් වදින්නේ, හෙණ ඇද ගන්නා තැනට ය. එසේ නැතිව හෙණ හැම තැනටම වදින්නේ නැත.” අප්‍රේල් 06 සිට ගුරු නීචයෙන් මිදී යහපත් වන්නේ ය. අප ද යහපත් ව කටයුතු කිරීමට වගබලා ගත යුතුය. නීතියට ගරු කළ යුතුය. දුෂණය, වංචාව පිටු දැකිය යුතුය. විෂමාචාර ක්‍රියාවලින් ඈත් විය යුතුය. මෙය මහජනතාව පමණක් නොව රට කරවන පාලක පක්‍ෂය ද මතක තබා ගත යුතුය. එසේ වුනහොත් මෙතෙක් විදී පිඩා වලින් මිදිය හැක. තම ක්‍රියාව ග්‍රහයාට බාර නොකරන්න. තමන්ගේ යහපත් ක්‍රියාව දෙස නිතරම බලන්න. නජච්චා වසලො හෝති නජච්චා හොති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝමිනිසෙකු වසලයෙකු වන්නේ ජන්මයෙන්ම නොව, තම ක්‍රියාව තුළින් ය. (වසල සුත්‍රය – බුදුරජාණන් වහන්සේ) විශ්වයේ කුමන විෂම ග්‍රහබල තිබුණත් අපගේ ක්‍රියාවන් යහපත් වන්නේ ද, ඒවායේ කි ්‍රයාත්මක භාවය නිෂේද වන්නේ ය. දියුණු ගුණ ගරුක රටවලටඔවුන්ගේ ක්‍රියාව මිස වෙන ග්‍රහ බලයක් ක්‍රියාත්මක නොවන්නේ ය. ලොවට ක්‍රියාත්මක වන්නේ එකම ග්‍රහබලයයි. එක් එක් අයගේ ක්‍රියාකාරකම් මත වැරදිදේවල් ග්‍රහණය කරගනු ලබයි. එම නිසා අප ග්‍රහණය කරගන්නා වූ දේවල් මත අප විපාක වලට මුහුණ දෙනවා හැරෙන්නට ග්‍රහයන්ට අපට අමුතුවෙන් කිරීමට දෙයක් නොමැත. උඩ ග්‍රහ දෙයියෝ සිටිනවා යනුවෙන් මිනිසුන් මුලාවට පත් කලේ ඉන්දියාවේ මෝඩ බමුණන්ය. එවැනි මෝඩ බමුණෝ ලංකාවේ ද සිටිති. 2021 අප්‍රේල් 06 දිනෙන් පසුවවත් යහපත් ආකාරයෙන් සිතිමට පුරුදු වී ආකල්ප වශයෙන් වෙනස් වුවහොත් අපට යහපත උදාකරගත හැකිය. එසේ නොවුන හොත් එකරටක්, එක නීතියක් නොවුනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *